පාර්ලිමේන්තුව නොවැම්බර් 14 විවෘතයි ! : ප්‍රජාතන්ත්‍රවාදයට අබ සරණයි !

පාර්ලිමේන්තුව නොවැම්බර් 14 විවෘතයි ! : ප්‍රජාතන්ත්‍රවාදයට අබ සරණයි !

කුමන්ත්‍රණ ආණ්ඩුව පිහිටුවීම වෙනුවෙන් කල්තබා තිබූ පාර්ලිමේන්තුව නොවැම්බර් 14 වනදා යළි කැඳවීමට ජනාධිපති සිරිසේන තීරණය කර ඇත.

ඒ අනුව ඊට අදාළ අති විශේෂ  ගැසට් පත්‍රය 2095/50  ලෙස අද (04) ජනාධිපති ලේකම්වරයා විසින් නිකුත් කර ඇති අතර එහි සඳහන් වන්නේ 2018 නොවැම්බර් 14 වනදා පෙරවරු 10.00 ට පාර්ලිමේන්තුව කැඳවන බවය.
මේ වන විටත් පාර්ලිමේන්තුව කල් තබා එහි 113 ක බලය තහවුරු කරගන්නට මන්ත්‍රීවරුන් බිලිබා ගැනීමට ජනාධිපතිවරයා පවා මැදිහත්වූ බව අනාවරණය වී හමාරය. එසේම ඒ බව අනාවරණය කළාවූ රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේබණ්ඩාර ඊයේ (03) පැවැත්වූ මාධ්‍ය හමුව හිරු දෙරණ වැනි පෞද්ගලික මාධ්‍ය වල ප්‍රවෘත්ති විකාශයන් හී විකාශය කළේද නැත.
 ජාත්‍යන්තරව පවා දැඩි අපකීර්තියක් අත්කර ගනිමින් කුමන්ත්‍රණ ආණ්ඩුව මේ නටන නාඩගම අවසන් කරන ලෙස දැඩි බලපෑම් එල්ලවූ අතර එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයා පවා ජනාධිපති සිරිසේන අමතා ඒ බව අවධාරණය කර තිබිණ. එමෙන්ම යුරෝපා කොමිසම ඇතුළු රටවල් රැසක් මේ සම්බන්ධව නිවේදන නිකුත් කරමින් දැඩිව කියා සිටියේ ප්‍රජාතන්ත්‍ර විරෝධී නොවී වහාම පාර්ලිමේන්තුව කැඳවා බල අරගලය විසඳාගන්නා ලෙසය.
මේ අතර දේශපාලන විචාරකයින් පෙන්වා දෙන්නේ මෙය මෙරට පේනතෙක් මානයේ තිබූ දේශපාලන ප්‍රශ්නයක් නොවන බවත් සිරිසේන ජනාධිපති සහ හිටපු ජනාධිපතිගේ බල කුමන්ත්‍රණයක් තුළ දියත්වූ අර්බුදයක් බවය. එසේම මේ දෙපාර්ශවය සිතු තරම් පහසුවෙන් පාර්ලිමේන්තුවේ 113 සංයුතිය ලබා ගැනීම අපහසු වූ බවත් දැනට බිලිබා ගනුලැබූ මන්ත්‍රීවරුන්ද බිලිබා ගනු ලැබුවේ පාර්ලිමේන්තුව කල් තැබීම සහ රුපියල් කෝටි 50 ක් සමඟ අමාත්‍ය, නියෝජ්‍ය අමාත්‍ය, රාජ්‍ය අමාත්‍ය ධුර ලබාදෙමින් බවය.
එය  රංගේබණ්ඩාර රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රසිද්ධ කළ හඬපට තුළ නියත වශයෙන් තහවුරු වන බවත් වඩාත් අවධානම් සහගත සහ ඛේදනීය කරුණ වන්නේ රාජපක්ෂ පාලනයට එරෙහිව යහපාලනය වෙනුවෙන් සඵතව පැමිණි සිරිසේන ජනාධිපති ද මේ පිටුපස සිටින බව අනාවරණය වීම යයිද ඔවුන් පෙන්වා දෙයි.
තවද මේ බල කුමන්ත්‍රණය හුදු සිදුවීමක් ලෙස සරලව නොගත යුතු බවත් මේ වන විටත් ෆැසිස්ට් පාලනයක ලක්ෂණ කුමන්ත්‍රණ ආණ්ඩුව වෙතින් දිස්වන බැවින් ඊට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරගන්නට සියළු පාර්ශව කොන්දේසි විරහිතව සටන් කල යුතු බවද ඔවුන් පෙන්වා දෙයි.
පාර්ලිමේන්තුව නොවැම්බර් 14 විවෘත කරන බව දක්වමින් ජනාධිපති සිරිසේනගේ ලේකම් නිකුත් කල ගැසට් නිවේදනය පහත දැක්වේ.
 
45383184 2052628104775246 8177682594180104192 n

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න