සිංගප්පුරු ගිවිසුම එකවර අහෝසි කිරීමක් සිදු නොකර ඊට අවශ්‍ය සංශෝධන ඉදිරිපත් කිරීමට සඳහා කැබිනට් පත්‍රිකාවක් ඉදිරියේ ඉදිරිපත් කරන බව කුමන්ත්‍රණ ආණ්ඩුවේ ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසයි.
අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ අද (09) පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින්ය.
වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා,
‘‘දැවැන්ත වගකීමක් බාර ඇමැතිවරයා වශයෙන් මං කල්පනා කරන්නේ නෑ යම් යම් දේ අධ්‍යයනයකින් තොරව යම් යම් දේ අහෝසි කරන එක හරියි කියලා. පැන්න ගමන් සම්පූර්ණ ගිවිසුම අහෝසි කරනවා වගේ හරක් වැඩ කරන්න යන්නේ නෑ."
කෙසේ වුවත් යහපාලන ආණ්ඩුව සමයේ බන්දුල මන්ත්‍රීවරයා පමණක් නොව රාජපක්ෂ පාර්ශවයක කියා සිටියේ සිංගප්පූරු ගිවිසුම එක දිනෙන් තහනම් කරන බවය. එසේම රාජපක්ෂ පාර්ශවයේ බල දේශපාලන අවශ්‍යතා අනුව රෝගී ජීවිත පවා බිළිගනිමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වැඩවර්ජන කිහිපයක්ම දියත්කළාද අපට මතකය.
නමුත් කුමන්ත්‍රණ ආණ්ඩුව පිහිටුවීමෙන් පසුව ඔවුන් දැන් කියන කතා අනුව පැහැදිළි වන්නේ මේ සේරම ඔවුන් කර ඇත්තේ ව්‍යාජ ආණ්ඩු විරෝධයක් සඳහා පමණක් බවය.

