කුමන්ත්‍රණ ආණ්ඩුව පාර්ලිමේන්තුව තුළ පරාජය කරනවා - ජවිපෙ 

  කුමන්ත්‍රණ ආණ්ඩුව පාර්ලිමේන්තුව තුළ පරාජය කරනවා - ජවිපෙ 

සිරිසේන රාජපක්ෂ ජුන්ටාවේ කුමන්ත්‍රණය  පාර්ලිමේන්තුව තුලත් එළියේදීත් පරාජය කරන්නට ක්‍රියා කරන බවත් නිහඬව නොසිටින බවත් ජනතා විමුක්ති පෙරමුණ සිය ස්ථාවරයට හෙළිකරමින් පවසා ඇත.

 මේ අනුව කුමන්ත්‍රණ ආණ්ඩුවට බහුතරයක් ලබා ගැනීමට තිබූ අවසන් සිහිනයද බිඳ වැටී තිබේ. මීට පෙර ටීඑන්ඒ සංවිධානයද කුමන්ත්‍රණය පරාජය කිරීමට ඡන්දය දෙන බව පවසා තිබේ. ඒ අනුව කුමන්ත්‍රණ කරුවන්ට විරුද්ධව පැහැදිලි ඡන්ද 120 ක් ඇත.

ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා විසින් අද(09) පැවති මාධ්‍ය හමුවේදී සිය පක්ෂ ස්ථාවරය දක්වා ඇති අතර එම අදහස් දැක්වීම පහත පළවේ.

“මෛත්‍රීපාල සිරිසේන මහත්තයා කියන්නේ තාම තුරුම්පු ගැහුවේ නැහැ කියනවා. නමුත් එතුමා සෙල්ලම් කරන්නේ වල් කොළවලින්. රටේ ජනතාව වෙනුවෙන්, ප‍්‍රජාතන්ත‍්‍රවාදය වෙනුවෙන් මේ කුමන්ත‍්‍රණය පරද්දන්න ඕනෑ. මොන අවලාද ගැහුවත්, පාර්ලිමේන්තුව ඇතුළේ අපට ලැබෙන අවස්ථාවට අනුව මේක පරාජය කරන්න ක්‍රියා කරනවා වගේම ලොකුම සටන තියෙන පාර්ලිමේන්තුවේ එළියෙදිත් මේක පරාජය කරන්න අපි අරගල කරනවා.

පක්‍ෂ භේදයෙන් තොරව අපේ සමාජයේ හෘදය සාක්‍ෂියක් තියෙන, යුක්තිය, සාධාරණය, හොඳ-නරක හඳුනන කවුරුත් මේ කුමන්ත‍්‍රණයට විරුද්ධයි කියන එක පැහැදිළියි. ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී, ව්‍යවස්ථා විරෝධී, නීති විරෝධී මේ කුමන්ත‍්‍රණය ඕනෑම තත්වයක් තුළ පරාජයට පත්කළ යුතුව තිබෙනවා.

සුසිල් ප්‍රෙම්ජයන්ත මහත්තයා අධිකරණ ඇමතිකමේ වැඩ බාරගත්ත වෙලාවේ කිව්වේ විශේෂ මහාධිකරණ අහෝසි කරන බවයි. විශේෂ මහාධිකරණ පිහිටෙව්වේ වංචා-දූෂණ නඩු ඉක්මනින්ම අහන්නයි. ගෝඨාභය මහත්තයාගේ නඩුව වගේ කිහිපයක්ම මේ අධිකරණවලට එන්න නියමිතව තිබුණා. ඇමතිකම ගත්ත ගමන්ම සුසිල් ප්‍රේම්ජයන්ත මහත්තයා කියන්නේ බැඳුම්කර හොරකම මේ අධිකරණවලට ගේනවා කියලා නෙවෙයි. බැඳුම්කර හොරු පැත්තක තියලා තමන්ගේ හොරුන් ටික ආරක්‍ෂා කරගන්න මේ හදන්නේ. ඒ නිසා මේ ගොල්ලන්ගේ අරමුණ අපිට හරිම පැහැදිළියි. හොරුටික ආරක්‍ෂා කරගන්න එකයි, බලය ගන්න එකයි බලය අතේ තියාගෙන මොකක් හෝ ඡන්දවලින් බලය තහවුරු කරගන්න එකයි එකම අරමුණ කරගෙන තියෙනවා.

සමහරු කියනවා, පාර්ලිමේන්තු මැතිවරණයක් නොතියා මේ ප‍්‍රශ්නයට උත්තර නැහැ කියලා. ව්‍යවස්ථාවට අනුව පාර්ලිමේන්තු මැතිවරණයක් පවත්වන්න ක‍්‍රමයක් තියෙනවා. එහෙම නැතිව කුමන්ත‍්‍රණයක් මගින් නීතිවිරෝධීව බලය අතට අරගෙන ඇමති මණ්ඩලයක් පත් කරලා නීති විරොධී බලය අතේ තියාගෙන ව්‍යවස්ථාව උල්ලංඝනය කරලා ඡන්දයකට යන එක නීති විරෝධි අතිශය අනතුරුදායක වැඩක්. 26වැනිදා කුමන්ත‍්‍රණයේ ඊළඟ අදියරයන් ලෙස බලය තහවුරු කර ගන්නයි මේ උත්සාහ කරන්නේ. අපි කියන්නේ ඡන්දයකට යන්න ඕන නම් ඊට ඉස්සර මේ කුමන්ත‍්‍රණය පරද්දන්න කියලයි. ව්‍යවස්ථාවට අනුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ 2/3 අනුමැතිය අරගෙන ඡන්දයකට යන්න. එවැනි කුමන්ත‍්‍රණවලට ජනතා විමුක්ති පෙරමුණ ඉඩ දෙන්නේ නැහැ."

ගෝඨාභය රාජපක්ෂගේ කිහිලිකරුවක් වූ ‌‌‌පෙරටුගාමී අවස්ථාවාදී ෆැසිස්ට්වාදීන් මේ අර්බුදයේදී 'ප්‍රජාතන්ත්‍රවාදයට පෙර තුන්වේල කාලා හිටියොත් ඇතැයි' ‌ලෙස කී ප්‍රකාශයට නිර්දය ලෙස පහර දුන් ටිල්වින් සිල්වා ‌මෙසේද පැවසීය.

"ප‍්‍රජාතන්ත‍්‍රවාදය දිනාගන්න අපි අරගල කරනකොට “ප‍්‍රජාතන්ත‍්‍රවාදය වැඩක් නැහැ, තුන් වේල කාල හිටියොත් ඇති” කියලා කියනවා. තුන්වේල කාලා ඉන්නේ කොහොමද රටක ප‍්‍රජාතන්ත‍්‍රවාදය නැත්නම්? තුන්වේල කන්න පුළුවන් අය පහුගිය කාලේ කාලා හිටියාද? සමහර මාධ්‍යවේදීන්ට තුන්වේල කාලා ඉන්න හොඳ වැටුපක් තිබුණත් ඉන්න බැරිවුණා. මගදි මැරුවා, පැහැරගෙන ගිහින් පහර දුන්නා. රටෙන් පැනපු අය තාමත් ආපහු ඇවිල්ලා නැහැ. තාජුඩීන් මහත්තයට හොඳට තුන්වේල කන්න තිබුණා. හැබැයි ඉන්න බැරිවුණා. මැරුවා. තුන්වේලට වඩා ප‍්‍රජාතන්ත‍්‍රවාදය අහිමිවීම බරපතළයි. තුන්වේල නෙවෙයි, එක වේලක් හරි කාලා ඉන්න රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී නිදහස තියෙන්න ඕනෑ. ප‍්‍රජාතන්ත‍්‍රවාදය නැතිව ඒකාධිපතිත්වයක් රජ කරනවා නම් කාලා බීලා ඉන්න බැහැ. ඒ වගේ පටු තැන්වලට යන එක අන්තිම අමන ක්‍රියාවක්. වේල හදාගන්නත් ප‍්‍රජාතන්ත‍්‍රවාදය තියෙන රටක් ඕනෑ.” යි ටිල්වින් වැඩිදුරටත් පැවසීය.

මෙහිදී කතා කළ ජවිපෙ පා.ම. බිමල් රත්නායක :

“රනිල් වික‍්‍රමසිංහ මහත්තයාට විරුද්ධව විශ්වාස භංගය වෙලාවේ අපි ඔහුව පරද්දන්න ඡන්දය දුන්නා. පැනලා ගියේ නැහැ අනෙක් අය වගේ. පරද්දන්න බැරි වුණේ, මෛත්‍රීපාල මහත්තයලගේ ඉන්න සමහරු ඡන්දය නොදුන් නිසයි. ඒ නිසා රනිල්ව ආරක්‍ෂා කරලා තියෙන්නේ ඒගොල්ලෝ.

ඔය එක එක කතා කියලා මොන විදිහේ කුමන්ත‍්‍රණ ගෙනාවත් අපි එක්කෝ පාර්ලිමේන්තුවේදී, එහෙම බැරිනම් එළියේදී අපි මේ කුමන්ත්‍රණය පරද්දනවා. ඔයගොල්ලේ ඔක්කොම අන්තිමේදී පාර්ලිමේන්තුවෙන් එළියට එන්න ඕනෑ. එතැන තියෙන්නේ ජනතාවත් එක්ක දේශපාලනයක්. එතැනදී අපි ඒක පරද්දනවා. ඒ වෙනුවෙන් මහා දැවැන්ත ජනතා බලයක් ගොඩනගනවා. ඒ ගොල්ලෝ කැමති විදිහට පැරදිච්චාවේ

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න