කුමන්ත්‍රණ ආණ්ඩුවට 113 ක් නෑ : සිරිසේන - මහින්ද පිළිගනී !

කුමන්ත්‍රණ ආණ්ඩුවට 113 ක් නෑ : සිරිසේන - මහින්ද පිළිගනී !

ජනාධිපති සිරිසේන සහ කුමන්ත්‍රණ ආණ්ඩුවේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ අතර පෞද්ගලික හමු දෙකක් අද (09) ජනාධිපති ලේකම් කාර්යාලයේ සිදුව ඇත.

එහිදී අවධානය යොමුව ඇත්තේ එළබෙන නොවැම්බර් 14 වනදා වන විට පාර්ලිමේන්තුවේ 113 ක බහුතරය සකසා ගැනීමට නොහැකිවීම සහ ඊට අදාළව අනුගමනය කළ හැකි විකල්ප ක්‍රියා මාර්ග සම්බන්ධවය.

පාර්ලිමේන්තුවට වැඩක් දෙන්න හබක් හොයයි !

එහිදී දෙදෙනා විසින්ම තම පාර්ශවය බහුතරය ලබා ගැනීමට අසමත් බව පිළිගෙන ඇති අතර නොවැම්බර් 14වන දා පාර්ලිමේන්තුව විවෘත කිරීමත් සමඟ බහුතරය වෙනුවෙන් ජන්ද විමසීමක් සිදුකල යුතු බවට ජාත්‍යන්තරව සිදුවෙමින් ඇති බලපෑම ගැනද සාකච්ඡා කර  ඇති බවත් දැනගන්නට ඇත.

ඒ හමුවේ කුමන්ත්‍රණ ආණ්ඩුවේ ප්‍රධානීන් වැඩි අවධානයක් යොමුකර ඇත්තේ පාර්ලිමේන්තුව විසුරවා හැර ජනමත විචාරණයක් පැවැත්වීම සම්බන්ධවය. එසේම ඒ පිළිබඳ තවදුරටත් නීති උපදෙස් ගන්නටද තීරණය කර ඇත.

ඒ අනුව පෙනී යන්නේ පසුගිය 05 වනදා පාර්ලිමේන්තු රැළියේදී තම පාර්ශවයට 113ක පාර්ලිමේන්තු බහුතර ඇති බවට ජනාධිපතිවරයා සිදුකර ඇත්තේ බොරු ප්‍රකාශයක් බවය. 

එසේ නම් දැන් පාර්ලිමේන්තුවේ දක්නට ඇති සංයුතිය වන්නේ  කුමන්ත්‍රණ ආණ්ඩුවට සහය දෙමින් මන්ත්‍රීවරුන් 104ක් සිටින අතර ඊට අතුරලියේ රතන හිමිද ඇතුළත්ය. එක්සත් ජාතික පෙරමුණ සතුව මන්ත්‍රී ධුර 99ක් ඇත, ඒ හැර ද්‍රවිඩ ජාතික සන්ධානය මන්ත්‍රීධුර 15 ක් සහිතව, ජනතා විමුක්ති පෙරමුණ මන්ත්‍රීධුර 6ක් සහිතව කුමන්ත්‍රණ ආණ්ඩුවට විරුද්ධව සිටියි.

ඒ අනුව මේ වන විට මන්ත්‍රීධුර 120ක් කුමන්ත්‍රණ ආණ්ඩුවේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂට එරෙහිව සිටින අතර ඉතාම පැහැදිළිව ඒ හරහා ඔහුට පාර්ලිමේන්තුවේ බහුතරයක සහය නොමැති බව පෙනෙන්නට ඇත. එසේම කුමන්ත්‍රණ ආණ්ඩුවේ අගමැති මහින්ද වෙනුවට නිල අගමැති ලෙස රනිල් වික්‍රමසිංහ පිළිගන්නා බව සඳහන් කරමින් මේ වන විට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 118ක ගේ අනුමැතිය ඇතිව කතානායකවරයා වෙත ලිඛිත යෝජනාවක් ලබාදී ඇත. එහි වැඩිදුරටත් සඳහන්ව ඇත්තේ ජනාධිපති සිරිසේන ඔක්තෝබර් 26 සිට නිකුත් කළ ගැසට් නිවේදන පාර්ලිමේන්තුව ප්‍රතික්ෂේප කල යුතු බවය.

120ක් දැනටමත් රනිල්ට පක්ෂයි : 113 ස්ථිරයි !

මේ අතර කතානායකවරයා ද පසුගියදා පැවති නිල නොවන පක්ෂ නායක හමුවෙන් පසුව සිය ස්ථාවරය සඳහන් කර ඇත්තේ මන්ත්‍රීවරු 118 කගේ අයිතීන් උල්ලංඝනය නොකිරීම වෙනුවෙන් තමන් මැදිහත්වන බවය. එසේම ඒ වෙනුවෙන් නොවැම්බර් 14 පාර්ලිමේන්තුවේ සාමාන්‍ය කටයුතු අවසන්වීමෙන් පසුව පාර්ලිමේන්තුවේ බහුතරය පෙන්වීම සඳහා අවස්ථාව සැළසීමට කටයුතු කරන බවද කතානායක ස්ථාවරය වන අතර ඒ සම්බන්ධව නිල නිවේදනයක්ද කතානායක කාර්යාලය විසින් නිකුත්කර ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න