කුමන්ත්‍රණ ආණ්ඩුව සිදුකරන ව්‍යවස්ථා විරෝධී සහ ප්‍රජාතන්ත්‍ර විරෝධී කටයුතු සම්බන්ධව විරෝධය දක්වන විදෙස් ප්‍රජාව වෙත පෙරළා දැඩි විවේචන එල්ල කිරීමට කුමන්ත්‍රණ ආණ්ඩුව තීරණය කර ඇත.
වාර්තා වන ආකාරයට ආණ්ඩුව පිහිටුවා සති දෙකකට ආසන්න කාලයක් ගතවී ඇතත් මෙතෙක් කිසිඳු විදෙස් රටක් එය පිළිගෙන සුභපතා නොතිබීම, තානාපතිවරුන් කුමන්ත්‍රණ ආණ්ඩුවේ පාර්ශව හමුවීම ප්‍රතික්ෂේප කිරීම සහ දිගින් දිගටම පාර්ලිමේන්තුව විවෘත කිරීමට සහ ව්‍යවස්ථාවට අනුකූලව කටයුතු කිරීමට බලකිරීම හමුවේ ආණ්ඩුව මෙම තීරණය ගෙන ඇත.
ඒ අනුව යමින් යුරෝපා සංගමය මෙරටට අනතුරු අඟවමින් නිකුත් කල 3 වන නිවේදනය සම්බන්ධව ප්‍රතිචාර දැක්වීමට කුමන්ත්‍රණ ආණ්ඩුවේ සම කැබිනට් ප්‍රකාශක කෙහෙළිය රඹුක්වැල්ල කටයුතු කර ඇති අතර ශී‍්‍ර ලංකාව සම්බන්ධයෙන් කටයුතු කිරීමට ව්‍යවස්ථාවට අනුව යුරෝපා සංගමයට කිසිදු හැකියාවක් නොමැති බව එහිදී පවසා තිබේ.
අද (09) මාධ්‍ය හමුවක් පවත්වමින් කෙහෙළිය මහතා මේ බව පවසා ඇති අතර යුරෝපා සංගමය සිදුකරන මෙම කි‍්‍රයාව කිසිසේත්ම අනුමත කළ නොහැකි බවද පවසා ඇත. අමාත්‍යවරයා කියා සිටියේ ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ව්‍යවස්ථාමය තත්ත්වයන් සම්බන්ධයෙන් යුරෝපා සංගමයට කටයුතු කිරීමේ හැකියාවක් පවතී ද යන්න තමන් නොදන්නා බවත් රටක අභ්‍යන්තර ප්‍රශ්ණයකට මෙලෙස විදේශීය සංවිධානයක් අයුතු බලයක් යෙදවීම පිළිබඳ තමන් දැඩි ලෙස කණගාටුවන බවත් ය. එවැනි බලයක් ආරුඪ කර ගැනීමට අවස්ථාව ලබා දී ඇත්තේ හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ, මංගල සමරවීර, මලික් සමරවික්‍රම වැනි අය බවද රඹුක්වැල්ල ඇමතිවරයා කියා සිටියේය.
තවත් ස්වෛරී රටක ස්වාධීනත්වයට මේ අයුරින් බලපෑම් කිරීම ඉතා පහත් ක්‍රියාවලියක් බවත් පාර්ලිමේන්තුවේ සම්ප්‍රදායන් හා ව්‍යවස්ථාව අනුව රජය කටයුතු කරන බවත් කෙහෙළිය රඹුක්වැල්ල අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කරනු ලැබීය.

