ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී රවීන්ද්‍ර විජයගුණරත්න පසුගිය 07 වනදා කුමන්ත්‍රණ ආණ්ඩුවේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ හමුවී තරුණයන් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදහන් කිරීමට එරෙහි නඩුවට අදාළව තමන් අත්අඩංගුවට ගැනීමේ සූදානම වළක්වා ගැනීමට මැදිහත් වන්නැයි ඉල්ලා ඇත.
එහිදී ඉදිරි නඩු වාරයකදී අධිකරණයට ඉදිරිපත් වන ලෙසත් එහිදී ඇප ලබාගන්නට අවශ්‍ය පහසුකම් සලසා දීමට මහින්ද රාජපක්ෂ පොරොන්දුවී ඇති බවත් දැනගන්නට ඇත.
කෙසේ වුවත් දිගින් දිගටම අධිකරණ නියෝග පවා නොතකා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී රවීන්ද්‍ර විජේගුණතිලක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඉදිරිපත් නොවීම සම්බන්ධව මේ වන විට අත්අඩංගුවට ගැනීමේ සූදානමක් තිබෙන බව වාර්තා වෙයි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ආරංචිමාර්ග සඳහන් කරන්නේ තවදුරටත් මෙම නඩුවට අදාළ විමර්ශන කටයුතු සඳහා බලපෑම් එල්ල වුවහොත් ඒ බව අධිකරණයට දන්වා විමර්ශන කටයුතු වලින් ඉවත්වීමට කටයුතු කරන බවයි.
වාර්තා වන ආකාරයට මේ වන විටතරුණයන් 11 දෙනෙකු පැහැරගැනීමට අදාළ නඩුවට අදාළව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී රවීන්ද්‍ර විජයගුණරත්න අත්අඩංගුවට ගෙන අද (09) දිනයට පෙර අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝග ලැබී ඇත. එහෙත් අද දිනය වනතුරු එය සිදුනොවූ අතර කුමන්ත්‍රණ ආණ්ඩුවේ ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් ලෙස පසුගිය 4 වනදා හේමසිරි ප්‍රනාන්දු වැඩ භාරගන්නා අවස්ථාවටද ඔහු ඊට සහභාගීව සිටියේය.
එසේම ඉහත නඩුවට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අවස්ථා කිහිපයකදී අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණතිලකව අත්අඩංගුවට ගැනීමට උත්සාහ දැරුවද එවකට අධිසි හස්තයක් ක්‍රියාත්මකවී එම අවස්ථාව වළක්වනු ලැබිණ.එහිදී වාර්තා වුයේ ජනාධිපතිවරයා මෙම අත්අඩංගුවට ගැනීම වළක්වා තිබු බවය.
කෙසේ වුවත් එම පුවත සනාථ නොවූවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවද අධිකරණයට දන්වා ඇත්තේ දේශපාලන බලපෑම් හේතුවෙන් අදාළ අත්අඩංගුවට ගන්නට නොහැකිවූ බවය.

