සිරිසේන පාර්ලිමේන්තුව විසිරවූ බුද්ධි වාර්තාව මෙන්න !

සිරිසේන පාර්ලිමේන්තුව විසිරවූ බුද්ධි වාර්තාව මෙන්න !

කුමන්ත්‍රණ ආණ්ඩුවේ ප්‍රධානියා වන ජනාධිපති සිරිසේන ඊයේ  (09) රාත්‍රියේදී හදිසියේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට තීරණය කර ඇත්තේ රාජ්‍ය බුද්ධ අංශය විසින් ලබාදුන් රහස්‍ය වාර්තාවක් පදනම් කර ගනිමින් බව වාර්තා වේ.

එම රහස්‍ය වාර්තාවසඳහන් කර ඇත්තේ  මේ වනවිට මහින්ද රාජපක්ෂ මහතා සමග සිටින හිටපු මන්ත්‍රීවරුන් පිරිසක් එළඹෙන  14 වැනිදා පාර්ලිමේන්තුව කැඳවූයේ නම් ස්වාධීනව සිටීමට තීරණය කර ඇති බවයි.

එසේම එක්සත් ජාතික පක්ෂය විසින් නව අගමැති මහින්ද රාජපක්ෂ මහතාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමේ සූදානමක් පැවති අතර එහිදී ඡන්දය වර්ජනය කිරීමට ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් පිරිසක් සූදානම්ව සිටින බවටද  එම බුද්ධි අංශ වාර්තාවේ සඳහන්ව තිබී ඇත.

එසේම තවත් අමාත්‍යවරුන් දෙදෙනෙක් අද (10) පෙරවරුවේ සිය ධූරවලින් ඉල්ලා අස්වීමේ සූදානමක් ගැනද එහි සඳහන්ව තිබී ඇත. 

තවද මෙම බුද්ධි අංශ වාර්තාවේ  මහින්ද රාජපක්ෂට එරෙහි විශ්වාසභංග යෝජනාවකදී මහින්දට පක්ෂව මන්ත්‍රීවරුන් 68 දෙනෙකු පමණක් සිටින බව සහ මන්ත්‍රීවරුන් පිරිසක්  මහින්දට එරෙහිවීමට හෝ ස්වාධීනව සිටීමට තීරණය කර තිබෙන බවද අනාවරණය කර ඇත.

හදිසියේ පාර්ලිමේන්තුව විසුරුවා හැර ජනතාව ඉදිරියට යාමට මහින්ද රාජපක්ෂ සහ බැසිල් රාජපක්ෂ විසින් සිරිසේනට බලකර ඇත්තේ ඒ අනුවය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න