නාමල් පොහොට්ටුවට : ශ්‍රීලනිපයේ නාය අතළඟ !

නාමල් පොහොට්ටුවට : ශ්‍රීලනිපයේ නාය අතළඟ !

පාර්ලිමේන්තුව විසුරවා හැරීමත් සමඟ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉවත්ව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ගන්නට පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ කටයුතු කර ඇත.

ඒ සම්බන්ධව ඔහු විසින් ට්වීටර් සටහනක්ද තබා ඇති අතර එය පහත දැක්වෙයි.

Capturen

මේ අතර දේශපාලන ආරංචිමාර්ග සඳහන්කර සිටින්නේ පාර්ලිමේන්තුව විසුරවීමේ තීරණයත් සමග ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බරපතල අර්බුදයකට ගොස් ඇති බවයි. එහිදී බොහෝ දෙනෙකුගේ අවධානය යොමුව ඇත්තේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ගෙන ඇති තීරණයක් සම්බන්ධවය. ඒ ඉදිරි මැතිවරණ වලදී එම පක්ෂය පොහොට්ටුව ලකුණින් තරග කිරීමට තීරණය කර තිබීමය.

මේ සම්බන්ධව අදහස් දක්වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජෙෂ්ඨයකු සඳහන් කර සිටියේ රාජපක්ෂලාගේ කුඨ උපක්‍රමයකට සිරිසේන ජනාධිපති හසුවූ බවය. මේ වන විට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බිම් මට්ටම අතිශය දුර්වලව ඇති බවත් ඒ පසුබිමේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මෙවර මැතිවරණයේදී බරපතළ පසුබෑමකට ලක්වීමේ අවධානමක් ඇති බවද ඔහු පෙන්වා දෙයි.

එසේම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යටතේ තරග කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අපේක්ෂකයන්ට සිදුවුවහොත් නියත වශයෙන් ඔවුන්ට මනාප ලැයිස්තුවල අවසානයට ඇද වැටෙන්නට සිදුවන බවත් ජනාධිපති සිරිසේන අවසානයේ පළි ගත්තේ මෙතෙක් ඔහුට රැකවරණය සැපයු පක්ෂයෙන් බවත් ශ්‍රීලනිප බහුතරයකගේ අදහස බවද ඔහු පැවසීය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න