රනිල් සජිත් සමඟ හංසයා යළිත් කරළියට ! 

රනිල් සජිත් සමඟ හංසයා යළිත් කරළියට ! 

ඉදිරි මහ මැතිවරණය සඳහා එක්සත් ජාතික පක්ෂය කුමන්ත්‍රණ ආණ්ඩුවට එරෙහිව පුළුල් සන්ධානයකින් ඉදිරිපත්වීමට නියමිත අතර එහිදී හංසයා ලකුණින් තරග කිරීමට පොදු එකඟතාවක් පවතින බව වාර්තා වෙයි.

මෙම එකඟතාව ඇතිව තිබෙන්නේ අද (10) අරලියගහ මන්දිරයේ පැවති එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායම් හමුවේදීය.

එහිදී මහ මැතිවරණය සඳහා  අග්‍රාමාත්‍ය අපේක්ෂකයා ලෙස අමාත්‍ය සජිත් ප්‍රේමදාස යෝජනා වී ඇති බවත් එසේම 2019 ජනාධිපති අපේක්ෂකයා ලෙස රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා නම් කිරීමටත් යෝජනා වී ඇත.

වැඩිදුරටත් ලැබී ඇති තොරතුරු වලට අනුව අද පැවති එජාප පාර්ලිමේන්තු කණ්ඩායම් හමුවේදී මතුව ඇති දේශපාලන තත්ත්වය සම්බන්ධව අවධානය යොමුකරන අතර තුර ජනාධිපති සිරිසේන කැඳවා ඇති මහ මැතිවරණය කෙරෙහිද අවධානය යොමුව ඇත. එහිදී සුජීව සේමසිංහ, හර්ෂණ රාජකරුණා මෙන්ම

හරීන් ප්‍රනාන්දු යන මැති ඇමතිවරුන් සඳහන් කර ඇත්තේ මහ මැතිවරණය සඳහා දැනෙන වෙනසක් සහිතව ඉදිරිපත් වියයුතු බවය.
අප ආරංචිමාර්ග සඳහන් කරන ආකාරයට එහිදී මහ මැතිවරණය සඳහා සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා අගමැති අපේක්ෂකයා කිරීමට ඇති කැමැත්ත එහිදී ප්‍රකාශවී  ඇත.

රනිල් : සජිත් - එකට ඉස්සරහට ගන්න මංගලගේ යෝජනාව !

මෙහිදී අදහස් දක්වා ඇති අමාත්‍ය මංගල සමරවීර පවසා ඇත්තේ මහ මැතිවරණය වගේම එම වසරේ ජනාධිපතිවරණයත් පැවැත්වෙන බැවින් ඒ මැතිවරණ දෙකම ඉලක්ක කර පක්ෂය සූදානම් විය යුතු බවය. එහිදී අගමැති අපේක්ෂකයා සජිත්, ජනාධිපති අපේක්ෂක රනිල් වැනි අදහසක් සමඟ මැතිවරණයට පැමිණියහොත් ශක්තිමත් ආරම්භයක් ගතහැකි බවද අමාත්‍යවරයාගේ අදහසවී තිබේ.

අමාත්‍යවරයාගේ එම අදහස බොහෝ දෙනෙකු අනුමත කළ බව වාර්තා වන අතර එහිදී මංගල සමරවීර අමාත්‍යවරයා තවත් වැදගත් කාරණයක් කෙරෙහිද  පක්ෂ කණ්ඩායමේ අවධානය යොමුකරවා ඇත.

ඒ ජනාධිපතිවරයා දියත්කල ව්‍යවස්ථා විරෝධී සහ ප්‍රජාතන්ත්‍ර විරෝධී කටයුත්ත සම්බන්ධවය. මැතිවරණය සඳහා සූදානම් වන අතරේම ජනාධිපතිවරයාගේ මේ ආඥාදායක හැසිරීමට එරෙහිව ක්‍රියාමාර්ග ගත යුතු බවත් නැතිනම් එළඹෙන ජනවාරි 05 පත්වන අගමැතිගේ මුහුණත් තමන්ට අවුල් කියා එක ලිපියකින් ඒ අගමැතිව ඉවත් කරන්නට මේ ජනාධිපති කටයුතු කරනු ඇති බවත් අමාත්‍යවරයා එහිදී පෙන්වා දී ඇති බවත් වාර්තා වෙයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න