පසුගිය 26වනදා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ප්‍රජාතන්ත්‍රවාදයට පයින් ගසමින් ව්‍යවස්ථාව උල්ලංඝණය කරමින් සදාචාර විරෝධී ලෙස නව අගමැතිවරයෙකු පත් කළ අවස්තාවේ සිට අද (09) දින ව්‍යවස්ථා විරෝධී ආකාරයට පාර්ලිමේන්තුව විසුරුවා හැරීම දක්වා ගනු ලැබූ ක්‍රියාමාර්ග නීති විරෝධී සහ ප්‍රජාතන්ත්‍රවිරෝධී ක්‍රියාමාර්ග බැවින් ඊට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණ දැඩි ක්‍රියාමාර්ග ගන්නා බව ජවිපෙ ප්‍රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා අවධාරණය කරයි.
මේ වනවිට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පයින් ගසමින් ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට අදාළ ගැසට් නිවේදනය නිකුත් කර ඇති බැවින් වත්මත් උණුසුම් දේශපාලන වාතාවරණය සම්බන්ධයෙන් විමසීම සඳහා අප විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා ඇමතූ අතර එහිදී අප හා අදහස් දක්වමින් ඒ මහතා මේ බව පැවසීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විජිත හේරත් මහතා සඳහන් කර සිටියේ නව අග්‍රාමාත්‍යවරයෙකු පත් කිරීම, කැබිනට් මණ්ඩල පත් කිරීම, පාර්ලිමේන්තුව කල් තැබීම ආදිය ඇතුළු පසුගිය 26වනදා සිට මෙ වනතුරුත් ගනු ලබමින් සිටින සියළු ක්‍රියාමාර්ග සම්ප්‍රදාය, සදාචාර්ය, ව්‍යවස්ථාව උල්ලංඝණය කරමින් ප්‍රජාතන්ත්‍ර විරෝධී බවත් ඊට එරෙහි ගනු ලබන ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ඉතා ඉක්මනින් රට දැනුවත් කරන බවත් සඳහන් කළ අතර ප්‍රජාතන්ත්‍රවාදය අගයන සියළු ජනතාවට ජවිපෙ ගනු ලබන ක්‍රියාමාර්ග වටා එක් රොක් වෙන ලෙසද ඉල්ලා සිටියේය.

