මහනාහිමිවරුන් සිරිසේන මුණගැසීම ප්‍රතික්ෂේප කරයි !

මහනාහිමිවරුන් සිරිසේන මුණගැසීම ප්‍රතික්ෂේප කරයි !

රටේ මූලික නීතිය උල්ලංඝණය කරමින් ව්‍යවස්ථා කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක කරමින් රට ම අගාධයට ඇද දැමූ ඇද දැමූ ජනාධිපති සිරිසේනව මුණගැසීමට අස්ගිරි පාර්ශවයේ හා මල්වතු පාර්ශවයේ මහ නායක හිමිවරුන්  ප්‍රතික්ෂේප කළ බව මල්වතු හා අස්ගිරි මහ විහාර ආරංචි මාර්ග සඳහන් කරයි.

පසුගිය 09 වන දින මධ්‍යම රාත්‍රියේ දී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අමු අමුවේ ම උල්ලංඝනය කරමින් පාර්ලිමේන්තුව විසුරුවා හැරි ජනාධිපති සිරිසේන ඊයේ ( 10 ) උදෑසන තමන්ගේ පවු සෝදාගැනීම සඳහා මහනුවරට ගොස් ශ්‍රී දළදා වහන්සේ වැඳ පුදා ගෙන ඇත.

අනතුරුව මල්වතු සහ අසගිරි විහාරවලට ගොස් මහනායක හිමිවරු බැහැදැකීමට සැලසුම් කර තිබී ඇත. ඒ අනුව මහ නායක හිමිවරුන් බැහැ දැකීමට ජනාධිපතිවරයා පැමිණීමට නියමිත බව දැන්විමට දුතයකු යවා ඇත. එහෙත් මහ නායක හිමිවරු දෙපළ ම දන්වා ඇත්තේ රටේ පවතින තත්ත්වය අනුව එවැනි මුණගැසීමක් නොසුදුසු බවයි. එසේම එම හමුව ප්‍රතික්ෂේප කරන බවද එහිදී දන්වා ඇතැයි වාර්තා වෙයි.

සිද්ධියෙන් අනතුරුව මාධ්‍යය ආයතන අදාළ ස්ථානවලට යාම ද වළක්වා ඇති ජනාධිපති සිරිසේන වහාම කොළඹ බලාපිටත් වූ බව මහා විහාරයෙන් ලැබෙන ආරංචි මාර්ග සඳහන් කරයි. මෙම සිද්ධිය ද ශ්‍රී ලංකා ඉතිහාසයේ රන් අකුරෙන් ලියවෙන සිද්ධියකි. එනම් මෙතෙක් කාලයක් කිසිදු මහ නාහිමිවරයෙක් තමන් බැහැදැකීමට පැමිණි කිසිදු රාජ්‍ය නායකයකු  ආපසු හරවා යවා නොමැත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න