විදෙස් තානාපතිවරුන් හෙට (12)  ශ්‍රේෂ්ඨාධිකරණයේ !

විදෙස් තානාපතිවරුන් හෙට (12)  ශ්‍රේෂ්ඨාධිකරණයේ !

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදනවලට පිටින් ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැර මහ මැතිවරණයක් කැඳවීමට එරෙහිව හෙට (12) දිනයේ මෙරට ප්‍රධාන පෙළේ දේශපාලන පක්ෂ කිහිපයක්,  සංවිධාන නියෝජිතයන් ශ්‍රේෂ්ඨාධිකරණයට යාමට නියමිත අතර මෙරට සිටින තානාපතිවරුන් සහ මහකොමසාරිස්වරුන් රැසක් එම අවස්ථාවේ ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණීමට සූදානමින් සිටින බව වාර්තා වෙයි.

ලැබී ඇති තොරතුරුවලට අනුව ඇමරිකා එක්සත් ජනපදය, මහා බ්‍රිතාන්‍ය, කැනඩාව, ඕස්ට්‍රේලියාව, ජර්මනිය, නොර්වේ, ස්විට්සර්ලන්තය, යුරෝපා සංගමය, එක්සත් ජාතීන්ගේ නිත්‍ය නියෝජිතවරිය ඇතුළු ප්‍රබල රටවල් රැසක නියෝජිතයන් ඒ අතර සිටියි.

දිගින් දිගටම සිරිසේන ජනාධිපති ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් කටයුතු කිරීමත් ඒ සම්බන්ධව ජාත්‍යන්තර ප්‍රජාව ලබාදෙන නිර්දේශ කිසිවක් සැළකිල්ලට නොගෙන ක්‍රියා කිරීම සම්බන්ධවද තානාපති අංශ වල දැඩි අවධානයට යොමුව ඇත.

තවද ඊයේ දිනයේ ඇමරිකා එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටියේ  පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සඳහා ගත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ තීරණය ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදී ආයතනවලට බරපතල තර්ජනයක් වී ඇති බවය. 

එසේම  මෙවැනි ක්‍රියා ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රගතිය හා ජාත්‍යන්තර කීර්ති නාමය හානි වීමට හේතු විය හැකි බවත් ඒ හේතුවෙන් රටේ ප්‍රජාතන්ත්‍රවාදී සම්ප්‍රදායන්ට සහ නීතියේ ආධිපත්‍යට ගරු කරන ලෙස ජනාධිපතිගෙන් ඉල්ලා සිටින බවත් , සිරිසේන රජය පත් කර ගැනීමේදී බලාපොරොත්තු වූ යහපාලනය සහ ප්‍රජාතන්ත්‍රවාදය සදහා වූ කැපවීම ඉටු කරන ලෙසත් එහි දක්වා ඇත.

එම නිවේදනය පහත දැක්වේ.

නිවේදනය USA 

මැතිවරණ කොමිසමේ අදහස !

එමෙන්ම බීබීසී ලෝක සේවයේ සිංහල අංශය සමඟ අදහස් දක්වමින් මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය ද සඳහන් කර සිටියේ ශ්‍රේෂ්ඨාධිකරණ වාරණයක් ලැබුණහොත් තමන්ට මැතිවරණයක් පැවැත්වීමට නොහැකි බව බවයි. නමුත් එසේ නියෝගයක් ලැබෙන තුරු තමන්ට නියමිත දිනයට මැතිවරණය පැවැත්වීමට අවශ්‍ය කටයුතු සිදුකරන්නට සූදානම්වීමට සිදුවන බවද ඔහු පවසා සිටියේය.

සිරිසේන වැරදියි - නීති ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් !

19 වෙනි ව්‍යවස්ථා සංශෝධනය ප්‍රකාර පාර්ලිමේන්තුව තේරී පත් වී වසර හතර හමාරක් ගතවන තුරු පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිවරයාට බලයක් නැති බව ව්‍යවස්ථා කටයුතු පිළිබඳ බොහෝ විශාරදයන්ගේ මතය වී ඇත.

ජනාධිපති නීතිඥ, ආචාර්ය ජයම්පති වික්‍රමරත්න, ජනාධිපති නීතිඥ ජේසී වැලිඅමුණ, කොළඹ විශ්ව විද්‍යාලයේ නීති පීඨයේ කථිකාචාරිනී ආචාර්ය දිනේෂා සමරරත්න, කොළඹ විශ්ව විද්‍යාලයේ නීති පීඨයේ කථිකාචාර්ය, ජනාධිපති නීතිඥ ප්‍රසන්ත ලාල් ද අල්විස් සහ එඩින්බරා විශ්ව විද්‍යාලයේ කථිකාචාර්ය ආචාර්ය අසංග වැලිකල ඒ මතය මේ වන විටත් ප්‍රකාශකර ඇත.

45801289 2077630615634328 5261638076391751680 n 1

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න