සිරිසේන පවුලටම යුරෝපා සංචාර තහනම් !

සිරිසේන පවුලටම යුරෝපා සංචාර තහනම් !

සිරිසේන ජනාධිපතිගේ ඇතුළු ඔහුගේ පවුල නියෝජනය කරන කිසිවෙකුට යුරෝපයේ සංචාරය කිරීම වාරණය කිරීමේ අවධානමක් මතුව තිබෙන බව තානාපති අංශ ආරංචිමාර්ග සඳහන් කරයි.

එම ආරංචිමාර්ග වැඩිදුරටත් සඳහන් කර සිටින්නේ එළඹෙන සතියේ යුරෝපා සංගමයේ අභ්‍යන්තර කටයුතු අමාත්‍යංශයේ විශේෂ සාකච්ඡාවක් සංවිධානය කර තිබෙන බවත් එහිදී අදාළ තීරණය ගැනීමට නියමිත බවත්ය.

එසේම යුරෝපා සංගමයේ අභ්‍යන්තර කටයුතු අමාත්‍යංශ සාකච්ඡාවේ න්‍යාය පත්‍රයේ අංක එකට තිබෙන්නේද ලංකාවේ මතුව ඇති ප්‍රජාතන්ත්‍රවාදයට බරපතල අවධානමක් එල්ල කර ඇති දේශපාලන තත්ත්වයය.

එහිදී දිගින් දිගටම ජාත්‍යන්තර ප්‍රජාවගේ ඉල්ලීම් නොසළකා කටයුතු සිදුවෙමින් ඇති බවට  යුරෝපා සංගමය වෙත නිල වාර්තා ලැබී ඇති බවත් ඒ පදනම් කරගෙන පළමුව යෝජනා වී ඇත්තේ මෙරටට සපයා ඇති GSP + සහනය වහාම ක්‍රියාත්මක වන පරිදි අහෝසි කිරීම බවද වාර්තා වෙයි.

නමුත් එක්සත් ජාතික පෙරමුණ ඇතුළුව මෙරට ප්‍රජාතන්ත්‍රවාදය දිනා ගැනීම වෙනුවෙන් සටන් කරන පාර්ශව දන්වා ඇත්තේ කිසිඳු අවස්ථාවක එවැනි තීන්දුවක් නොගන්නා ලෙසත් එයින් රටේ ජනතාව බලවත් දුෂ්කරතාවකට මුහුණදීමේ අවධානමක් තිබෙන බවය. ඒ බව පසුගියදා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ විදෙස්  තානාපතිවරුන් අතර ඇතිවූ හමුවේදීද අවධාරණය කර ඇත.

ඒ අනුව තානාපති අංශ වාර්තා සඳහන් කර සිටින්නේ ලංකාවේ සිදුවන ව්‍යවස්ථා විරෝධී මෙන්ම ප්‍රජාතන්ත්‍රවාදය අනතුරේ හෙලා ඇති ප්‍රධානීන් වෙත සෘජුව බලපාන තීන්දු කිහිපයක් ගැනීම යුරෝපා සංගමයේ පළමු අපේක්ෂාව වී ඇති බවය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න