ග්‍රාමීය සංවර්ධනය කඩිනම් කිරීම වෙනුවෙන් යහපාලන ආණ්ඩුවේ ප්‍රධාන සංවර්ධන ව්‍යාපෘතියක්ව පැවති ගම්පෙරළිය වැඩසටහන වහාම ක්‍රියාත්මක වන පරිදි නතර කර ඇති බව වාර්තා වෙයි.
වාර්තා වන ආකාරයට ගම්පෙරළිය වැඩසටහන සඳහා ඒ ඒ දිස්ත්‍රික්කවලට යැවු මුදල් නතර කරන ලෙස හා එම වැඩසටහන අත්හිටුවන ලෙස කුමන්ත්‍රණ ආණ්ඩුවේ අග්‍රාමාත්‍ය කාර්යාලය දිසාපතිවරුන් වෙත දැනුම් දී තිබේ.
යහපාලන ආණ්ඩුවේ අයවැය යෝජනාවක් අනුව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය ඇමැති මංගල සමරවීර මහතා විසින් ගම්පෙරළිය සංවර්ධන යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කෙරිණි.
මෙයින් පෙන්නුම් කරන්නේ කුමන්ත්‍රණ ආණ්ඩුව හතර අතේ අනාගෙන ඇතිවාට අමතරව ග්‍රාමීය ප්‍රජාව ඉලක්ක කර දියත්කර තිබු විධිමත් සංවර්ධන කටයුතුවලින් පවා පළිගනිමින් සිටින බවය.ඒ අන් කිසිවක් නිසා නොව මෙරට ග්‍රාමීය ප්‍රදේශ විධිමත්ව සංවර්ධනය වූ විට ඒවායේ අඩුපාඩු දේශපාලන බල අපේක්ෂා සමර්ථ කරගැනීම සඳහා කැරට් අල ලෙස යොදාගන්නට අවස්ථාව අහිමිවන නිසාය. එබැවින් ජනතාව දිගින් දිගටම දුෂ්කරතා සහිතව පවත්වා ගැනීම මේ දුෂ්ට පාලකයන්ගේ අභිලාශයවී ඇත.
මෙහිදී අමතක නොකළ යුතු වැදගත් කරුණක් වන්නේ ගම්පෙරළිය ග්‍රාමීය සංවර්ධන ව්‍යාපෘතිය ආරම්භයේ සිටම රාජපක්ෂ පාර්ශවය ඊට මාරාන්තික විරෝධයක සිටි බවය.

