විජේදාසත් එන්න අහයි : හතර මායිමක වද්දගන්න එපා යැයි දැඩි විරෝධයක් ! 

විජේදාසත් එන්න අහයි : හතර මායිමක වද්දගන්න එපා යැයි දැඩි විරෝධයක් ! 

පිල් මාරු කරමින් කුමන්ත්‍රණ ආණ්ඩුවට එක්වී අමාත්‍යධුරයක් ලබාගත්  විජේදාස රාජපක්ෂ නැවත එක්සත් ජාතික පෙරමුණට සම්බන්ධවීමට කැමති බව දන්වා එක්සත් ජාතික පෙරමුණේ ප්‍රබලයින් කිහිපදෙනෙකුට දන්වා ඇති බව වාර්තා වෙයි.

කුමන්ත්‍රණ ආණ්ඩුවේ අමාත්‍ය විජේදාස රාජපක්ෂ තම හිතවතෙකු හරහා මෙම දැනුම්දීම සිදුකර ඇති අතර ඒ වසන්ත සේනානායක සහ සුරේෂ් වඩුවේල් යළිත් එක්සත් ජාතික පෙරමුණට සම්බන්ධවීමට සමගාමීව තම අමාත්‍යවරයාද යළි ගෙන්වා ගැනීමට හැකි බව සඳහන් කරමින්ය.

 මේ සම්බන්ධව  එක්සත් ජාතික පෙරමුණේ ප්‍රබලයන් පක්ෂ නායකත්වය දැනුවත් කර ඇති බවද දැනගන්නට ඇත.

කෙසේ වුවත් පක්ෂ නායකත්වය මෙන්ම එක්සත් ජාතික පෙරමුණේ ප්‍රබලයින් රැසකගේ මතය වී ඇත්තේ  යළිත් විජේදාස රාජපක්ෂ වැන්නෙකු  එක්සත් ජාතික පෙරමුණට සම්බන්ධකර නොගත යුතු බවය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න