මහින්ද අනාථයි - විශ්වාසභංගයට අත්සන් 122 යි : කුමන්ත්‍රණ ආණ්ඩුව අහෝසියි !

මහින්ද අනාථයි - විශ්වාසභංගයට අත්සන් 122 යි : කුමන්ත්‍රණ ආණ්ඩුව අහෝසියි !

කුමන්ත්‍රණ ආණ්ඩුවේ අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂට සහ කැබිනට් මණ්ඩලයට එරෙහිව ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තුවේ දී 122ක වැඩි ඡන්දයෙන් සම්මතව ඇත.

ලක්ෂ්මන් කිරිඇල්ල,පාඨලී චම්පික රණවක යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ විපක්ෂ නායක ආර්.සම්පන්දන් මහතාත් ජනතා විමුක්ති පෙරමුණත් එය තහවුරු කර තිබේ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ප්‍රකාශයට පත් කළ අංක 2094/43 ඇ සහ 2094/44 දරන 2018 ඔක්තොම්බර් 26 දිනැති අතිවිශේෂ ගැසට් නිවේදනය සහ එහි සදහන් නියෝගයත්, පත්කිරීම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවත්, නීතිය ඉදිරියේ ශූන්‍ය සහ බලරහිත බවත්, නීතිය ඉදිරියේ කිසිදු බලයක් හෝ වලංගුභාවයක් නොමැති බවත් නිසාවෙන් 2018 ඔක්තෝම්බර් 26 වැනිදා හෝ ඉන්පසුව හෝ පත්කළ අග්‍රාමාත්‍යවරයා සහ කැබිනට් මණ්ඩලය හා එලෙස පත්කරන ලද්දාවූ ආණ්ඩුව කෙරෙහි කිසිදු විශ්වාසයක් නොමැති බව සඳහන් කරමින් ජනතා විමුක්ති පෙරමුණ විසින් එම විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කර තිබුණි.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට සිය බහුතරය පෙන්වන්නැයි කතානායකවරයා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර තිබුණද මහින්ද රාජපක්ෂ පාර්ශවයේ මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තු සභාගර්භය මධ්‍යයට පැමිණ කෑකෝ ගසමින් ප්‍රජාතන්ත්‍ර විරෝධීව හැසිරුණා මිසෙක බහුතරය පෙන්වීම වෙනුවෙන් කිසිදු කටයුත්තක් කළේ නැත. නමුත් විපක්ෂ පාර්ශවය විශ්වාසභංගයට සහය පළ කරමින් ඡන්දය ලබා දුන් බව අමාත්‍ය  ලක්ෂ්මන් කිරිඇල්ල මාධ්‍ය හමුවේ පැවසීය.  

පහත දැක්වෙන්නේ කුමන්ත්‍රණ ආණ්ඩුවේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂට එරෙහිව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 122ක් අත්සන් තැබූ විශ්වාසභංග යෝජනාවය.

46310443 2188595451458542 1147477964271648768 n

1 1

2

3 1

4 1

5 1

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න