අගමැති රනිල් වික්‍රමසිංහ මහතා බලයෙන් පලවා හැර අගමැති ධුරයට පත් කල මහින්ද රාජපක්ෂ මහතා අද (14) පැවති විශ්වාස භංගයෙන් පරාජය වීම නිසා ඔක්තෝබර් 26 වෙනි දිනට පෙර පැවති පාලනය යලි ක්‍රියාත්මක වී ඇති බැවින් අදාල අමාත්‍යවරුන් අද සිට සිය අමාත්‍යංශ වල වැඩකටයුතු ආරම්භ කරන බව එජාප ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයකු newstubelk වෙත පැවසිය.
පාර්ලිමේන්තුව කැඳවූ විට බහුතරය පෙන්වා ඔක්තෝබර් 26 වෙනි දිනට පෙර පැවති පාලනය යළි පිහිටුවන බව හිටපු අමාත්‍ය හර්ෂ ද සිල්වා මහතා ඊයේ (13) ට්විටර් පණිවුඩයක් මගින් සඳහන් කර තිබිණ.

