මහින්දට එරෙහිව විශ්වාස භංගයක් : ෆවුසි - පියසේන එජාපෙට එක්වෙයි - කුමන්ත්‍රණය කුජීතයි !

මහින්දට එරෙහිව විශ්වාස භංගයක් : ෆවුසි - පියසේන එජාපෙට එක්වෙයි - කුමන්ත්‍රණය කුජීතයි !

කුමන්ත්‍රණ ආණ්ඩුවේ අමාත්‍යවරයකු වන වසන්ත සේනානායක සිය අමාත්‍යධුරයෙන් ඉවත්ව නැවත එක්සත් ජාතික පෙරමුණට එක්වන බව වාර්තා වෙයි.

ඒ බව සඳහන් කරමින් ඔහු පවසා ඇත්තේ අද (15) ජනාධිපතිවරයා වෙත සිය ඉල්ලා අස්වීමේ ලිපිය ලබාදෙන බවය.

ඒ අද  (14) උදෑසන 10.00 ට පාර්ලිමේන්තුවේ කටයුතු ආරම්භ කිරීමත් සමඟ කුමන්ත්‍රණ ආණ්ඩුවට පාර්ලිමේන්තුවේ බහුතරයක් නොමැති බව තහවුරුවීමත් සමඟය.

Capture1

එසේම මේ වන විට මනුෂ නානායක්කාර නියෝජ්‍ය අමාත්‍යවරයා මෙන්ම කුමන්ත්‍රණ ආණ්ඩුවේ අමාත්‍යවරුන් ලෙස  කටයුතු කළ ශ්‍රීලනිප සාමාජිකයන් වන  AHM ෆවුසි, පියසේන ගමගේ ද එක්සත් ජාතික පෙරමුණට එක්ව ඇත.

තවද පසුගියදා එක්සත් ජාතික පෙරමුණෙන් ඉවත්වූ සුරේෂ් වඩුවේල් ද නැවත එක්සත් ජාතික පෙරමුණට එක්ව ඇත.

46135397 170772413875082 3882591422733352960 n

ඒ අනුව එක්සත් ජාතික පෙරමුණ ඇතුළු කුමන්ත්‍රණ ආණ්ඩුවට එරෙහි පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රමාණය 122ක් බවට පත්ව ඇත.

මේ අතර අද පාර්ලිමේන්තුව රැස්වීමත් සමඟ කුමන්ත්‍රණ ආණ්ඩුවේ  අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සහ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරුන් ආණ්ඩු පක්ෂයේ අසුන් ගෙන ඇත.

පළමුව පාර්ලිමේන්තුවේ කටයුතු ආරම්භ කරමින් කතානායක කරු ජයසූරිය සියලු සභිකයින්ගෙන් ඉල්ලා ඇත්තේ , පාර්ලිමේන්තුවේ ගෞරවය ආරක්ෂා වන පරිදි කටයුතු කරන ලෙසය.

එහිදී, ස්ථාවර නියෝග කීපයක් අත්හිටුවන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී සුමන්දිරන් යෝජනා කළේය.

සභානායක දිනේෂ් ගුණවර්ධන ප්‍රකාශ කළේ, ජනාධිපතිවරයාගේ ප්‍රකාශය කියවීමෙන් පසු න්‍යාය පත්‍රයේ වෙනත් කිසිදු කටයුත්තක් නොමැති බැවින් මීළඟ දිනට සභාව කල් තැබිය යුතු බවය.

"කතානායකට වෙනත් යෝජනාවක් ලිඛිතව භාර ගැනීමට හැකි වන්නේ කල් තබන ලද පාර්ලිමේන්තුව යළි රැස්වීමෙන් පමණක්" බවද , දිනේෂ් ගුණවර්ධන පැවසීය.

විමල් වීරවංශ ප්‍රකාශ කළේ, යම් කිසිවෙකුට විශ්වාසභංග යෝජනාවක් භාර දිය යුතු නම් ස්ථාවර නියෝග අත්හිටුවා එදින ම ඒ සම්බන්ධයෙන් ඡන්දයක් පැවැත්වීම පාර්ලිමේන්තු සම්ප්‍රදායට පටහැනි බවය.

ස්ථාවර නියෝග අත්හිටුවීම සම්බන්ධයෙන් වහා ඡන්දයක් පවත්වන මෙන් ලක්ෂ්මන් කිරිඇල්ල කතානායකවරයාගෙන් ඉල්ලා සිටියේය.

අනතුරුව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක විසින් විශ්වාසභංග යෝජනාව සභාවට ඉදිරිපත් කරනු ලැබීය. එම යෝජනාව විජිත හේරත් විසින් අනුමත කරනු ලැබීය.

පහත දැක්වෙන්නේ එම විශ්වාසභංග යෝජනාවය !

46310443 2188595451458542 1147477964271648768 n

අනතුරුව විශ්වාසභංග යෝජනාව ගෙන ඒම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ බහුතරයකගේ කැමැත්ත පළ වී ඇති බව කතානායකවරයා සභාවට දැනුම් දුන්නේය.

එහිදී  පාර්ලිමේන්තු සභා ගර්භය තුළ උණුසුම් තත්ත්වයක් ඇති වූ අතර කුමන්ත්‍රණ ආණ්ඩුවට පක්ෂපාතී මන්ත්‍රී කණ්ඩායම වියරුවෙන් කෑ කෝ ගසමින් සභාවේ කටයුතු වලට බාධා කරන්නට විය.

එම අවස්ථාවේ කතානායකවරයා සභාව කල් තබමින් දැනුම් දුන්නේ, බ්‍රහස්පතින්දා උදෑසන 10.00ට එනම් හෙට (14) පාර්ලිමේන්තුව යළි රැස් වන බවය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න