පාර්ලිමේන්තුව විසුරවා හැරීමට ජනාධිපතිවරයා විසින් නිකුත් කළ ගැසට් නිවේදනය අත්හිටුවීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කිරීමත් සමඟ පක්ෂයෙන් ඉවත්ව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට එක්වූ කණ්ඩායමේ මන්ත්‍රීධුර අහෝසි කිරීම සඳහා යෝජනාවක් ගෙන ඒමට එම පක්ෂයේ ප්‍රබලයින් පිරිසක් සූදානම් වන බව වාර්තා වෙයි.
දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරන ආකාරයට පවතින දේශපාලන අස්ථාවරත්වය හමුවේ තවදුරටත් පක්ෂය දුවලවීමට ඉඩනොදී ඊළඟ මැතිවරණය වෙනුවෙන් ප්‍රබල කණ්ඩායමක් නිර්මාණය කර ගැනීමේ අපේක්ෂාවෙන් මෙම යෝජනාව සිදුකිරීමට නියමිතව ඇත.
මේ සම්බන්ධව ශ්‍රීලනිපය නියෝජනය කරන ප්‍රබල අමාත්‍යවරුන් සිව් දෙනෙකු අද (13) සන්ද්‍යාවේ මේ පිළිබඳ සාකච්ඡා කර ඇති බවත් එහිදී ඇතිවූ එකඟතාව මත ඉතා නුදුරු දිනයක මෙම යෝජනාව ජනාධිපති සිරිසේන සහ පක්ෂ මහ ලේකම් ලක්ෂමන් පියදාස වෙත ලබාදීමට නියමිත බවත් දැනගන්නට ඇත.
එසේම මහින්ද රාජපක්ෂ මන්ත්‍රීවරයා ශ්‍රීලනිප සාමාජිකත්වයෙන් ඉවත්වී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබා ගැනීම සම්බන්ධව පක්ෂ මධ්‍යම කාරකසභාව කැඳවා විනය පියවරක් ගන්නා බව ශ්‍රීලනිප මහ ලේකම් රෝහණ ලක්ෂමන් පියදාස මාධ්‍යවෙතද ප්‍රකාශයක් සිදුකර තිබිණ. ඒ සම්බන්ධවද අමාත්‍යවරුන්ගේ අවධානය යොමුව ඇතැයි වාර්තා වෙයි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
