ජනාධිපතිවරයා විසින් 2018-11-04 වනදා නිකුත් කළ අංක 2095/50 ගැසට් නිවේදනයට අනුව හෙට (14) පෙරවරු 10.00 ට පාර්ලිමේන්තුව කැඳවීමට සූදානම් බව කතානායකවරයා දැනුම්දෙයි.
කතානායක කාර්යාලය විසින් මෙම නිවේදනය නිකුත්කර ඇති අතර ඔහු එම තීරණය ගෙන ඇත්තේ කුමන්ත්‍රණ ආණ්ඩුවේ ජනාධිපති සිරිසේන විසින් පාර්ලිමේන්තුව විසුරවා හැරීමට අදාළව නිකුත් කල ගැසට් පත්‍රය ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හමුවේ අත්හිටුවීමත් සමඟ ජනාධිපතිවරයා මීට පෙර නිකුත් කළ ගැසට් නිවේදනය බලාත්මකව ඇති නිසාය.
ඒ අනුව පාර්ලිමේන්තුව හෙට (14) පෙරවරු 10.00 ට රැස්වන අතර ඒ බව සියළු මන්ත්‍රීවරුන්ට දන්වා ඇති බවද වාර්තා වේ.
පහත දැක්වෙන්නේ කතානායක කාර්යාලය විසින් නිකුත්කළ නිවේදනයයි.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
