සිරිසේන මණ්ඩලේ කැඳවයි : මහින්ද ඉල්ලා අස්වීමේ සූදානමක්  !

සිරිසේන මණ්ඩලේ කැඳවයි : මහින්ද ඉල්ලා අස්වීමේ සූදානමක්  !

කුමන්ත්‍රණ ආණ්ඩුවේ ප්‍රධානියා වන ජනාධිපති සිරිසේන විසින් පාර්ලිමෙන්ත්හුව විසුරවමින්  නිකුත් කළ ගැසට් පත්‍රය අත්හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණය නිකුත් කළ නියෝගයත් සමඟ අද (13) කුමන්ත්‍රණ ආණ්ඩුවේ විශේෂ කැබිනට් හමුවක් කැඳවා ඇති බව වාර්තා වෙයි.

දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරන ආකාරයට මතුව තිබෙන අර්බුදය විසඳාගැනීම සඳහා ගතයුතු ක්‍රියා මාර්ග සම්බන්ධව එහිදී අවධානය යොමුකිරීමට නියමිතව ඇත.

සියළු අමාත්‍යවරුන් මේ සඳහා කැඳවා ඇති නමුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන ප්‍රබලයන් කිහිපදෙනෙකුම ඊට යහපත් ප්‍රතිචාරයක් දක්වා නොමැති බවද දැනගන්නට ඇත.

මහින්ද අවසන් ලිපිය ලියන තීන්දුවක !

මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ආරංචිමාර්ග සඳහන් කර සිටින්නේ පාර්ලිමේන්තුවේ බහුතරය පෙන්වීමට නොහැකි පසුබිමේ තවදුරටත් ආණ්ඩුවේ රැඳී සිටීම සම්බන්ධව එම පක්ෂය තීන්දුවක් ගැනීමට නියමිතව ඇති බවය.

ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ප්‍රකාශයට පත්වීමත් සමඟ බැසිල් රාජපක්ෂ මහතා ඇතුළු පක්ෂයේ ප්‍රධානීන් කිහිප දෙනෙකු රැස්ව ඒ පිළිබඳ සාකච්ඡා කළ බවත් එහිදී අගමැති ලෙස සිරිසේන පත්කර සිටින මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවට හිස නමා සිය ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බවට යෝජනාවී ඇති බවද දැනගන්නට ඇත.

සිරිසේන ගැන විශ්වාස තියාගන්න එපා - බැසිල්ගේ උපදේශකයන් දන්වයි 

එහිදී බැසිල් රාජපක්ෂ මහතාගේ උපදේශකයන්ද සඳහන්කර ඇත්තේ පාර්ලිමේන්තුව තුළ බහුතරය පෙන්වා ගැනීමට අසමත් වුවහොත් එය තම පාර්ශවය ලබන බරපතල පරාජයක් බැවින් මේ මොහොතේ අධිකරණ නියෝගය මත තීන්දුවක් ගැනීම උචිත බවය. එසේම ඒ වෙනුවෙන් පෙර සූදානමකින් සිටිය යුතු බවත් සිරිසේන ජනාධිපති ගැන විශ්වාසයක් නොතබන ලෙසත් එහිදී බැසිල් රාජපක්ෂ මහතාගේ උපදේශකයින් අවධාරණය කර ඇති බවද දැනගන්නට ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න