පාර්ලිමේන්තුවේ ගෞරවය ආරක්ෂා කළ කතානායකට : අගමැති රනිල් තුති පුදයි !

පාර්ලිමේන්තුවේ ගෞරවය ආරක්ෂා කළ කතානායකට : අගමැති රනිල් තුති පුදයි !

රටේ ව්‍යවස්ථාව ඉරා දැමීමට ගිය අවස්ථාවක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පයින් ගසා ඉදිරියට යාමට නොහැකි බව අද(13) ශ්‍රේෂ්ඨාධිකරණය රටටම පෙන්වා දුන් බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.
 
පාර්ලිමේන්තුවේ ගෞරවය හා බලය ආරක්ෂා කළ කතානායක කරු ජයසූරිය මහතාට මේ මොහොතේ ස්තුතිවන්ත වන බවද අගමැතිවරයා ප්‍රකාශ කළා. එසේම සියලුම ආගමික පූජකවරුන් හා සිවිල් ක්‍රියාකාරිකයන් මෙන්ම නීතිඥයන් ඇතුළු සියලුම පුරවැසියන්ට අගමැතිවරයා සිය ස්තුතිය පුද කළා.
 
“ ව්‍යවස්ථාව සමඟ පාපන්දු ගැසිය නොහැකියි. මේක ජයග්‍රහණයක් පමණයි. අපි සටන දිනන්න ඕනේ. අපි පාර්ලිමේන්තුවේ බහුතරය පෙන්වන්න ඕනේ. අපි ඒක පෙන්වනවා. හෙට පාර්ලිමේන්තුව කැඳවලා අපි රැස්වෙනවා. රාජ්‍ය සේවකයන්ට අපි කියනවා ව්‍යවස්ථාවට අනුව කටයුතු කරන්න කියලා. අපිට බහුතරය නැති වෙලා නැහැ. බහුතරය වැඩි වෙලා තියෙනවා.“
 
ලබන 15 වැනිදා ලිප්ටන් වටරවුමේ උද්ඝෝෂණයක් පැවැත්වීමට ද සූදානමින් සිටින බවද  අගමැතිවරයා වැඩිදුරටත් කියා සිටියා.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න