කුමන්ත්‍රණ ආණ්ඩුවේ මාධ්‍ය ලොක්කන් අතුරුදහන් ! 

කුමන්ත්‍රණ ආණ්ඩුවේ මාධ්‍ය ලොක්කන් අතුරුදහන් ! 

කුමන්ත්‍රණ ආණ්ඩුව බලය අත්පත් කරගත් සමඟ මාධ්‍ය ආයතන වෙත කඩා වැදුණු බත් බැල නඩය මාධ්‍ය ආයතන හැරගොස් එම ආයතන ආරාජිකව ඇති බව වාර්තා වෙයි.

එම ආයතන ආරංචිමාර්ග සඳහන් කරන්නේ ස්වාධීන රූපවාහිනිය, ජාතික රූපවාහිනිය සහ ලේක් හවුස් ආයතන සඳහා කඩාවැදුණු පිරිස් අධිකරණ තීරණය නිකුත්වීමත් සමඟ අතුරුදහන්ව සිටින බවත් අවම වශයෙන් දෛනික කටයුතු පවත්වාගෙන යාම සම්බන්ධව පවා උපදේශක ලබා ගන්නට ආයතන තුල කිසිවකු නොමැති බවය.

මේ අතර එක් රාජ්‍ය මාධ්‍ය ප්‍රධානියකු අප සහෝදර මාධ්‍යවේදියකු අමතා  " මම බෑ කියද්දී අර පිස්සා මට බලකරා. දැන් රෙදිත් නෑ" කියමින් ජනාධිපති සිරිසේනගේ හතර වරිගයටම බැන වැදී ඇති බවත් වාර්තා වෙයි.

ලැබී ඇති වැඩිදුර තොරතුරුවලට අනුව සෝමරත්න දිසානායක, සරත් කෝන්ගහගේ, දිනේෂ් දොඩංගොඩ, වසන්ත ප්‍රිය රාමනායක, සංජීව එදිරිමාන්න, සුදර්මන් රදලියගොඩ යන කුමන්ත්‍රණ ආණ්ඩුවේ සිටි මාධ්‍ය ප්‍රධානීන් මෙසේ මාධ්‍ය ආයතන අත්හැර ගොස් ඇති අතර ඔවුන්ගේ ජංගම දුරකථන පවා ක්‍රියා විරහිත කරගෙන ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න