පාර්ලිමේන්තුව රැස්වීමට සූදානම් : සිරිසේන ගෙදර යන්න පෙර  ව්‍යවස්ථාව පෙරළයි !

පාර්ලිමේන්තුව රැස්වීමට සූදානම් : සිරිසේන ගෙදර යන්න පෙර  ව්‍යවස්ථාව පෙරළයි !

පාර්ලිමේන්තුව විසිරුවමින් ජනාධිපතිවරයා නිකුත් කළ ගැසට් නිවේදනය අනුව මහමැතිවරණය පැවැත්වීම තාවකාලිකව අත්හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණ  දුන් තීන්දුවත් සමඟ අන්ත අසරණවී ඇති සිරිසේන ජනාධිපති ප්‍රමුඛ පිරිස යළිත් පාර්ලිමේන්තුව කල් තැබීම සඳහා  ගැසට් නිවේදනයක් නිකුත් කරන්නට හැකි අවස්ථා සොයා බලන ලෙස දන්වා ඇතැයි වාර්තා වෙයි.

ඒ අනුව මේ වන විට ලංකා ඉතිහාසයේ අපකීර්තිමත්ම අගවිනිසුරුවරයා ලෙස කුප්‍රකට සරත් එන්. සිල්වා ඇතුළු පිරිසක් ව්‍යවස්ථාව යළි හදාරමින් සිටින බවද දැනගන්නට ඇත.

ඒ අතර රටේ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කර හෝ මෙම තීන්දුව ආපසු හැරවිය යුතු බවත් ඒ වෙනුවෙන් කුමන හෝ වාක්‍යක් සොයා ගන්නා ලෙසට නීතිවේදීන් දැනුවත් කරන ජනාධිපති උපදේශකයකු සිටින බවත් වාර්තා වෙයි.

නීතිවේදීන් දැනුවත් කරමින් අදාළ උපදේශකයා මෙසේ උපදෙස් දී තිබෙන්නේ හෙට (14) දිනයේ පාර්ලිමේන්තුව කැඳවන ලෙසත් ඒ සඳහා බලතල ඇති බවට නිල අග්‍රාමාත්‍යවරයා වන රනිල් වික්‍රමසිංහ කතානායකවරයා වෙත යෝජනා කර ඇති බවට ලැබී ඇති තොරතුරක් පදනම් කරගෙනය.

යළිත් පාර්ලිමේන්තුව කැඳවනු ලැබුවහොත්  අග්‍රාමාත්‍යවරයා ලෙස නියත වශයෙන්ම රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා ඒ තුළ බහුතරය පෙන්වන බවත් එසේ වුවහොත් ජනාධිපතිවරයා ඉල්ලා අස්වී ගෙදර යන බව පවසා ඇති බවද ඔහු නීතිවේදීන් දැනුවත් කරමින් පවසා ඇති බව වැඩිදුරටත් වාර්තා වෙයි.

එසේම එක්සත් ජාතික පෙරමුණ ප්‍රමුඛ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් නැගීසිටි බලවේග සියල්ල යළි පාර්ලිමේන්තුව කැඳවන ලෙස බලකරමින් සිටින බවද වාර්තා වෙයි.

img 5363

img 5879

img 5898

img 5904

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න