ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පාර්ලිමේන්තුව විසුරවා හැරීමට අදාළව නිකුත් කල ගැසට් නිවේදනය දෙසැම්බර් 18දක්වා අත්හිටුවීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (13) නියෝග කර සිටියේය.
ඒ අදාළ ගැසට් පත්‍රය බල රහිත කරන ලෙස ඉල්ලා ඉදිරිපත් කෙරුණු පෙත්සම් 11 කට අදාළව විභාගයට ගනිමින්.
එසේම ජනාධිපතිවරයා නිකුත් කළ ගැසට් නිවේදනයට එරෙහිව ඉදිරිපත් කෙරුණු මූලික අයිතිවාසිකම් පෙත්සම් සියල්ල විභාගයට ගැනීමටද අධිකරණය තීන්දු කර තිබෙනවා.
තවද පෙත්සම්වලට එරෙහිව ගොනු කළ අතුරු පෙත්සම් ප්‍රතික්ෂේප කිරීමට ද අධිකරණය තීන්දු කර තිබෙනවා.
අගවිනිසුරු නලින් පෙරේරා ප්‍රමුඛ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසිනුයි මේ නියෝගය නිකුත් කෙරුණේ.
කුමන්ත්‍රණ ආණ්ඩුවක් පිහිටුවමින් ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසුරවීමට අදාළ ගැසට් නියෝගය නිකුත් කරනු ලැබුවේ පසුගිය 09 වනදා වන අතර එම අවස්ථාවේ සිට මෙරට මෙන්ම ජාත්‍යන්තරවත් අදාළ තීරණය ව්‍යවස්ථා විරෝධී මෙන්ම ප්‍රජාතන්ත්‍ර විරෝධී තීන්දුවක් ලෙසයි මත පළවුණේ.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
