"අපි ඔක්කොම සතුරන්ගේ උගුලකට අසුවුණා" - කුමාර වෙල්ගම"

"අපි ඔක්කොම සතුරන්ගේ උගුලකට අසුවුණා" - කුමාර වෙල්ගම"

අපි එපාම කියද්දී මෙතන ඉන්න පිරිසක් ජනාධිපතිත් එක්ක එකතුවෙලා මේ කරපු වැඩෙන් අන්තිමේ අවුරුදු ගාණක් දරදිය ඇදලා හදාගත්ත පොහොට්ටුවත් ඉවරයි.

ශ‍්‍රී ලංකා එකත් ඉවරයි. ආණ්ඩුවත් ඉවරයි. රටත් ඉවරයි. අපිත් ඉවරයි යනුවෙන් කළුතර දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී කුමාර වෙල්ගම මහතා සිය විරෝධය ප‍්‍රකාශ කළේය. 

වෙල්ගම මහතා මෙසේ කීවේ ඊයේ (14 දා) පෙරවරුවේ පාර්ලිමේන්තුව කල් තැබුවාට පසු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේ කමිටු ශාලා අංක 6 දී පැවැති ආණ්‌ඩු පක්‍ෂ මන්ත්‍රී කණ්‌ඩායම් රැස්‌වීමේදී අදහස්‌ දක්‌වමිනි.

පාර්ලිමේන්තුවේ එදින උදැසන උද්ගතව තිබූ තත්ත්වයෙන් අනතුරුව අග්‍රාමාත්‍යවරයා මෙම හමුව කැඳවා තිබුණේ සිදුවූ සිද්ධීන් පිළිබඳව සමාලෝචනයක යෙදෙමින් රජයේ ඊළඟ වැඩ කටයුතු ගැන සාකච්ඡා කිරීමටය.

කුමාර වෙල්ගම මහතා මෙහිදී අපි ඔක්‌කොම සතුරන්ගේ උගුලකට අසුවී ඇතැයි කියමින් පක්‍ෂයේ වගකිවයුතු නායකයන් කිහිප දෙනකුට බැණ වදිමින් මෙම අදහස්‌ ප්‍රකාශ කළේ ඔවුන් එයින්ද රාජපක්‍ෂ ඇතුළු සැම මේ උගුලට ඇද දැමුවා යෑයි කියමිනි.

[දිවයින]

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න