අමාත්‍යංශ මුදාගැනීමේ මානුෂක මෙහෙයුම ඇරඹේ : SF පළමු පියවර තබයි !

අමාත්‍යංශ මුදාගැනීමේ මානුෂක මෙහෙයුම ඇරඹේ : SF පළමු පියවර තබයි !

කුමන්ත්‍රණ ආණ්ඩුව පාර්ලිමේන්තුව හමුවේ පරාජයට පත්වීමත් සමඟ ෆීල්ඩ් මාර්ෂල්  සරත් ෆොන්සේකා මහතා සිය අමාත්‍යංශයට ගොස් රාජකාරි කටයුතු ආරම්භ කළ බව වාර්තා වෙයි.

කුමන්ත්‍රණ ආණ්ඩුවේ  වනජීවී අමාත්‍යවරයා ලෙස ජනාධිපති සිරිසේන හමුවේ දිවුරුම් දුන් වසන්ත සේනානායක නැවත එක්සත් ජාතික පෙරමුණට සම්බන්ධවූ අතර ඒ අනුව එම අමාත්‍ය ධුරය පුරප්පාඩු විය.

එසේම කුමන්ත්‍රණ ආණ්ඩුවේ  ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍යවරයා වනුයේ එස්.බී. නාවින්න වන අතර සරත් ෆොන්සේකා අමාත්‍යවරයා අමාත්‍යංශයට පැමිණීමත් සමඟ ඔහු ඒ වෙත නොගොස් සිටීමට තීරණය කර ඇති බවද දැනගන්නට ඇත.

මේ අතර අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් යුතු නිල අමාත්‍යවරුන්ද අමාත්‍යංශ වල වැඩ කටයුතු ආරම්භ කිරීමට සූදානමක් ඇති බවද වාර්තා වෙයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න