පක්ෂ නායකයින් ජනපතිගේ ආරාධනය ප්‍රතික්ෂේප කරයි  

පක්ෂ නායකයින් ජනපතිගේ ආරාධනය ප්‍රතික්ෂේප කරයි  

විශ්වාස භංගයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළ එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු දේශපාලන පක්ෂ නායකන්ට අද (15) උදෑසන 8.30ට සාකච්ඡාවක් සඳහා ජනාධිපතිවරයා කල ආරාධනය තරයේ ප්‍රතික්ෂේප කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා පවසයි.

ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වීමට නියමිතව තිබු එම සාකච්ජාවට සහභාගිවීමට ඊයේ පස්වරුවේ තීරණය කර තිබුන ද ජනාධිපතිවරයා ඊයේ රාත්‍රී කතානායකවරයාට ඒවා ඇති ලිපියට විරෝධය පළකිරීම සඳහා ජනාධිපතිවරයාගේ රැස්වීම වර්ජනය කිරීමට තීරණය කල බව ඔහු සඳහන් කළේය.

ජනාධිපතිවරයා ඊයේ රාත්‍රී කතානායක කරු ජයසූරිය මහතා වෙත ලිපියක් යොමුකරමින් පවසන්නේ, ඊයේ උදෑසන පාර්ලිමේන්තුවේදී විශ්වාසභංගයකින් තම අගමැති වූ මහින්ද රාජපක්ෂ මහතා පරාජය වූ බව පිළි නොගන්නා බවයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න