"රිෂාඩ් - හකීම්" එන්නේ නැද්ද  ඔයාලා :  මහින්දලා වැඳ වැටිලා !

"රිෂාඩ් - හකීම්" එන්නේ නැද්ද  ඔයාලා :  මහින්දලා වැඳ වැටිලා !

රවුෆ් හකීම් මන්ත්‍රීවරයාගේ  නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය සහ රිෂාඩ් බදුයිදීන් මන්ත්‍රීවරයාගේ නායකත්වයෙන් යුතු සමස්ථ ලංකා මහජන  කොංග්‍රසය  කුමන්ත්‍රණ ආණ්ඩුවේ  අගමැති මහින්ද රාජපක්ෂ මහතා සමඟ සාකච්ඡා සිදුවෙමින් පවතින බවට පළවන පුවත මුළුමනින්ම සාවද්‍ය බව වාර්තා වෙයි.

කුමන්ත්‍රණ ආණ්ඩුවට සහය පල නොකිරීම හමුවේ තම සම්බන්ධව ව්‍යාජ පුවත් මැවීම සම්බන්ධව අතිශය කනගාටු වන බවද ඔවුන් වැඩිදුරටත් පෙන්වා දෙයි.

මේ සම්බන්ධව අප කල විමසුමකදී රිෂාඩ් බදුයිදීන් මන්ත්‍රීවරයා අවධාරණය කර සිටියේ තමා හෝ තම පක්ෂයේ කිසිවෙකු ප්‍රජාතන්ත්‍ර විරෝධී ආණ්ඩුවේ අගමැති ලෙස බලහත්කාරයෙන් සිටින මහින්ද රාජපක්ෂ සමඟ කිසිඳු සාකච්ඡාවක් නොමැති බවයි.  එසේම පාර්ලිමේන්තුව තුළ බහුතරයක් නොමැති රාජපක්ෂ අගමැති මේ වන විට දෙවරක් විශ්වාසභංග යෝජනාවෙන් පරාජයවී ඇති බවත් දැන් ඇත්තේ මහින්ද අගමැති ධුරයෙන් ඉවත්ව යාම මිස අනෙකක් නොවන බවද ඔහු පැවසීය.

එසේම රවුෆ් හකීම් මන්ත්‍රීවරයාද පවසා සිටියේ තමන්ට රාජපක්ෂ සමග කිසිඳු සාකච්ඡාවක් නොමැති බවය. රටේ ප්‍රජාතන්ත්‍රවාදය හකුළුවන්නට ජනාධිපතිවරයා පියවර ගෙන ඇති පසුබිමේ සහ ජනාධිපති පත්කළ අගමැතිව දෙවරක් පරාජය කල පසුබිමේ මහින්ද අගමැතිධුරයෙන් ඉවත්වීම හැර කරන්න වෙනත් සාකච්ඡාවක් නැති බවද ඔවුන්  පවසයි. තවද අවස්ථා කිහිපයකදී කුමන්ත්‍රණයට සහය ඉල්ලා තම පාර්ශව වෙත විවිධ පණිවිඩ එවූ නමුත් තමන් ඊට නිසි පිළිතුරු ලබාදී ප්‍රතික්ෂේප කල බවද ඔවුන් අවධාරණය කරයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න