පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට අදාළව ජනාධිපතිවරයා නිකුත් කල ගැසට් නිවේදනයට අදාළ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ලැබෙන තෙක් පාර්ලිමේන්තුව අස්ථාවර කිරීමේ සැලැස්මක් දියත්ව ඇති බව වාර්තා වෙයි.
දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරන ආකාරයට ජනාධිපතිවරයාගේ මුලිකත්වයෙන් මෙය දියත්ව ඇති අතර ඒ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවට බලපෑම් කිරීමේ අපේක්ෂාවද ඇතිව බවත් දැනගන්නට ඇත.
වැඩිදුරටත් වාර්තා වන ආකාරයට ජනාධිපති සිරිසේන සහ කුමන්ත්‍රණ ආණ්ඩුවේ අගමැති එක්ව දියත්කර ඇති මේ සැලැස්මේ ඉලක්කය වී තිබෙන්නේ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවට බලපෑම් කිරීම මෙන්ම දෙසැම්බර් 07 දක්වා ඊට ඇති කාලය තුළ කුමන්ත්‍රණ ආණ්ඩුවට පාර්ලිමේන්තුවේ බහුතරය සකසා ගැනීම වෙනුවෙන් පිල් මාරුකරවා ගන්නට ඉඩසලසා දීමය.
සිරිසේනගේ කඩවන පොරොන්දු
ඒ වෙනුවෙන් මේ වන විට ජනාධිපති සිරිසේන විසින් පාර්ලිමේන්තුවේ බහුතරය සකසා ගැනීම වෙනුවෙන් ලබාදී තිබු පැය 24ක කාලය තවදුරටත් දීර්ඝ කර ඇති බවද දැනගන්නට ඇත. ඒ අදාළ කාල සීමාව තවත් දින දෙකකින් දීර්ඝ කරමින්ය.
එතෙක් ජනාධිපතිවරයා එක්සත් ජාතික පෙරමුණේ කිසිවෙකුත් සමඟ සාකච්ඡා නොකිරීමටද තීරණය කර ඇති බවත් වාර්තා වෙයි. ඒ අනුව ජනාධිපති සිරිසේනගේ අලුත්ම කොන්දේසිය වී ඇත්තේ "පාර්ලිමේන්තුවේ කටයුතු කරන ආකාරයට සම්බන්ධව ජනාධිපති සිරිසේන පවසන ලෙස එක්සත් ජාතික පෙරමුණම හැසිරිය යුතු බවත්, එසේ හැසිරී පෙන්වීමෙන් පසුව පමණක් එම පාර්ශවය සමඟ සාකච්ඡා කරන" බවය.
ඒ අනුව පෙනී යන්නේ ජනාධිපති සිරිසේන තමන් ඔක්තෝබර් 26 වනදා ගනුලැබූ තීන්දුව සාර්ථක කරගැනීම වෙනුවෙන් රට අරාජිකත්වය කරා වැටෙන්නට ඉඩහැර ඇති බව මිස අනෙකක් නොවේය.
ජනාධිපතිගේ මාධ්‍ය නිවේදනය !
පසුගිය 15 වනදා මහින්ද රාජපක්ෂට එරෙහි විශ්වාසභංගයට සහය දැක්වූ පක්ෂ නායකයින් සමඟ පැවැත්වූ සාකච්ඡාවේ තීන්දු තීරණ ලෙස ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කර තිබුණේ මෙසේය.
මාධ්‍ය නිවේදනය
ඒ අනුව 16 වනදා පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවුයේ ඉහත මාධ්‍ය නිවේදනයේ සඳහන්ව තිබු ආකාරයටය. එහෙත් එය ප්‍රතික්ෂේප කරමින් සිරිසේන ජනාධිපති පසුව කියා සිටියේ අදාළ විශ්වාසභංග යෝජනාව තමන් පිළිනොගන්නා බවය.
ජනාධිපති සිරිසේන දැන් කියන්නේ ඔහු කියන ආකාරයටම හැසිරිය යුතු බවය. ඒ අනුව පෙනී යන්නේ රටේ දේශපාලන අස්ථාවරත්වය පහකරලීමට හෝ ව්‍යවස්ථාවට අනුව කටයුතු කරන්නට සිරිසේන ජනාධිපති සූදානම් නැති බවය.


