ලැජ්ජාව නොදන්නා රාජපක්ෂලා ගැන මංගලගෙන් පණිවිඩයක් !

ලැජ්ජාව නොදන්නා රාජපක්ෂලා ගැන මංගලගෙන් පණිවිඩයක් !

යෝෂිත රාජපක්ෂ ප්‍රමුඛ රාජපක්ෂ පාර්ශවයේ කිහිපදෙනෙකු  අද (17) උදෑසන සිට එක්සත් ජාතික පෙරමුණේ මන්ත්‍රීවරුන්ට අල්ලස් ලබාදී පිල් මාරු කිරීමට එකඟ කරගැනීමේ නින්දිත උත්සාහයක නිරත වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර පවසයි.

එසේම ඇමරිකානු ඩොලර් මිලියන 3ක පමණ ලංසු ඉදිරිපත් කරමින් ඇති බවත් මන්ත්‍රීවරයා සඳහන් කරන අතර ඒ සම්බන්ධව ට්වීටර් සටහනක්ද තබා ඇත. එහි වන විශේෂත්වය වන්නේ අදාළ ට්වීටර් පණිවිඩය විදෙස් තානාපතිවරුන් කිහිප දෙනෙකුගේම අවධානයට යොමුකර තිබීමය.
මේ මංගල සමරවීර මන්ත්‍රීවරයා තබා ඇති ට්වීටර් සටහනය.

tweet 5

එසේම මේ වන විට පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන්ගේ නායකත්වයෙන් යුතු දෙමළ ප්‍රගතිශීලි සන්ධානය නියෝජනය කරන මන්ත්‍රීවරුන් සඳහා ද අද දිනයේ පිල්මාරු කිරීම සඳහා විවිධ මිල ගණන් ඉදිරිපත් කරමින් රාජපක්ෂ පාර්ශවය වෙතින් ඇමතුම් ලබාදෙමින් ඇති බවත් දැනගන්නට ඇත. ඒ සම්බන්ධව අප කල විමසීමකදී පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් සඳහන් කර සිටියේ තම සන්ධානය ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීම වෙනුවෙන් කුමන්ත්‍රණ ආණ්ඩුවට එරෙහි අරගලය කිසිසේත් නවත්වා නැති බවය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න