දිනෙන් දින වර්ධනය වෙමින් තිබෙන කුමන්ත්‍රණ ආණ්ඩුවට එරෙහි ජනමතය වෙනතක හැරවීම වෙනුවෙන් යළිත් මෙරට විදෙස් කුමන්ත්‍රණයක ගොදුරක් බවට මෙරට පත්ව ඇතැයි යනුවෙන් ව්‍යාජ පුවත් ප්‍රචාරය කිරීම සඳහා මාධ්‍ය ආයතන කිහිපයක් වෙත ලබාදී ඇති කොන්ත්‍රාත්තුවක තොරතුරු අනාවරණය වී ඇත.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට පක්ෂපාතීව කටයුතු කරන මුද්‍රිත සහ සමාජ මාධ්‍ය ජාල කිහිපයක් යොදාගනිමින් එම පුවත නිර්මාණය කිරීමට එම පක්ෂයට සම්බන්ධ ප්‍රධානියෙකු උපදෙස් ලබාදී ඇති අතර ඒ අනුව අද දිවයින සහ රිවිර යන පුවත්පත් මේ සම්බන්ධ පුවත් නිර්මාණය කර ඇති අතර සාමාජ ජාල වෙබ් අඩවි කිහිපයක්ද ඒ පුවත උපුටා දක්වා තිබේ.
වඩාත් හාස්‍ය දනවන සිදුවීම වන්නේ අදාළ පුවත වාර්තා කළ බවට දැක්වෙන මාධ්‍යවේදියකු වෙතින් අප එම පුවත සම්බන්ධව විමසීමේදී තම නමට එවැනි පුවතක් පළවී ඇති බව එම මාධ්‍යවේදියාවත් නොදැන සිටීමය.
විශ්වාසවන්ත ආරංචිමාර්ග සඳහන් කර සිටින්නේ අදාළ පුවතේ කිසිඳු සත්‍යතාවක් නොමැති බවය. නමුත් මෙවැනි පුවත් නිර්මාණය කරලීම හරහා අපේක්ෂා කරන්නේ කුමන්ත්‍රණ ආණ්ඩුවේ හැසිරීම ජාත්‍යන්තර ප්‍රජාවේ දැඩි දෝෂාරෝපණයට ලක්ව තිබීමය. එසේම මෙතෙක් කිසිඳු රාජ්‍යක් පසුගිය ඔක්තෝබර් 26 වනදා ස්ථාපිත කරගත් කුමන්ත්‍රණ ආණ්ඩුව පිළිගෙන හෝ අවම වශයෙන් සුභ පැතුමක්වත් යොමුකර නැත.

