සිරිසේනගේ සර්ව පාක්ෂික සමුළුව අද ! 

සිරිසේනගේ සර්ව පාක්ෂික සමුළුව අද ! 

පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලූ දේශපාලන පක්ෂවල සහභාගිත්වයෙන් සර්ව පාක්ෂික හමුවක් අද  (18) ප.ව 5.00 ට පැවැත් වීමට නියමිතය.

ජනාධිපති සිරිසේනගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ දී මෙය පැවැත්වෙන අතර පාර්ලිමේන්තුව තුළ පසුගිය දිනවල ඇති වූ දේශපාලන නොසන්සුන්තාව සහ ගැටුම්කාරී තත්ත්වය අවසන් කර පාර්ලිමේන්තුවේ කටයුතු යහපත්ව පවත්වාගෙන යාමට සියලූ දේශපාලන පක්ෂ අතර එකඟතාවයක් ඇති කර ගැනීමේ අරමුණින්  මෙම සර්ව පාක්ෂික සමුළුව කැඳවා ඇති බව දැනගන්නට ඇත.

පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලූ දේශපාලන පක්ෂ නායකයන්ට මීට සහභාගීවීමට ආරාධනා කර ඇති අතර, කථානායක කරූ ජයසූරිය මහතාට ද මෙම හමුව සඳහා ආරාධනා කර ඇති බවත් වාර්තා වෙයි.

විශ්වාසයක් තැබිය නොහැකියි !

කෙසේ වුවත් පාර්ලිමේන්තුව නොසන්සුන් කළේ සහ ඒ තුළ නින්දිත ලෙස හැසිරුනේ කුමන්ත්‍රණ ආණ්ඩුවට සහයදෙන මන්ත්‍රී කණ්ඩායමය. නිවැරදිනම් කල යුතුව තිබුණේ කුමන්ත්‍රණ ආණ්ඩුවේ ඒ මන්ත්‍රී කණ්ඩායම කැඳවා පාර්ලිමේන්තුව නම් උත්තරීතර ආයතනය නොකෙලෙසන ලෙස ඔවුන්ට දැක්වීමය.

කෙසේ වුවත් දේශපාලන විශ්ලේෂකයන් සඳහන් කරන්නේ රට දිනෙන්දින ආරජ්ක වෙමින් ඇති බවත් ඊට මුළුමනින්ම ජනාධිපති සිරිසේන වගකිව යුතු බවත්ය. ඔක්තෝබර් 26 වනදාට පෙර අතිශය සාමකාමීව තිබු රට ජනාධිපතිවරයාගේ ව්‍යවස්ථා විරෝධී හැසිරීම හේතුවෙන් දැඩි අවධානමකට ලක්වූ බවද ඔවුන් පෙන්වා දෙයි. එසේම කුමන්ත්‍රණ ආණ්ඩුවේ අගමැති මහින්ද රාජපක්ෂට පාර්ලිමේන්තු බහුතරය නොමැති බැවින් ඔවුන් දැනුවත්ව එහි කටයුතු කඩාකප්පල් කරමින් සිටින බවත් දෙවරක් විශ්වාසභංග හමුවේ පරාජයවූ මහින්දව තවදුරටත් අගමැති ලෙස තබා ගැනීමේ නින්දිත උත්සාහයක සිරිසේන ජනාධිපති සිටින බවද ඔවුන් සඳහන් කරයි.

ඒ බව දක්වමින් ඔවුන් පෙන්වා දෙන්නේ ජනාධිපතිවරයා කැඳවා ඇති සර්වපාක්ෂික සමුළුව කිසිඳු යහපත් ප්‍රතිඵලයක් ගෙන දෙනු ඇති බවට විශ්වාසයක් තැබිය නොහැකි බවයි. එමෙන්ම ජනාධිපති තවදුරටත් රට අරාජික කිරීමට මැදිහත්වනවා නම් ජනතාවගේ සෘජු විරෝධය ඔහුවෙත ගොනුවීම කිසිසේත් වලක්වා ලිය නොහැකි බවත් ඔවුන් සඳහන් කරයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න