මෙරට කොළඹ කොටස් වෙළඳපොල ඇතුළු ආයෝජන වෙළඳපොළ තිබූ විදේශීය වත්කම් සීඝ්‍රයෙන් ඉවත් කරගනිමින් පවතින බව වාර්තා වෙයි.
කුමන්ත්‍රණකාරී ලෙස සිදුවූ දේශපාලන බල හුවමාරුව සහ ව්‍යවස්ථා විරෝධී පාලනයක් සමඟ ගනුදෙනු කිරීමට ඇති අප්‍රසාදය මත විදෙස් ආයෝජකයන් මෙසේ මෙරටින් ඈත් වෙමින් තිබෙන අතර ඒ පාලනය කරගන්නට පවා කුමන්ත්‍රණ ආණ්ඩුව අසමත්ව තිබේ.
විදේශ ආයෝජකයන්ගේ මේ හැරයාම සම්බන්ධව හිටපු මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර සිය ට්වීටර් ගිණුමේ සටහනක් තබා ඇති අතර ඊට අනුව ඔක්තෝබර් 30 සිට නොවැම්බර් 09 දක්වා වන කාලය තුළ රුපියල් බිලියන 28.8 ක විදෙස් ආයෝජන අහිමිව ඇත. එනම් ඇමරිකානු ඩොලර් මිලියන 165ක් ය.
පහත් දැක්වෙන්නේ හිටපු මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර තැබූ ට්වීටර් සටහනය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
