මෙරට කුමන්ත්‍රණ ආණ්ඩුව සඳහා මෙතෙක් කිසිඳු විදෙස් රාජ්‍යයක නිල පිළිගැනීම නොමැති බව අද (17) පැවති මාලදිවයින් ජනාධිපති ඊබ්‍රහිම් මොහොමඩ් සොලීහ් දිවුරුම්දීමේ රාජ්‍ය උත්සවයේදී ද තහවුරු විය.
ඒ සිරිසේන ජනාධිපතිගේ නිල නියෝජිතයා ලෙස සහභාගීවූ කුමන්ත්‍රණ ආණ්ඩුවේ විදේශ අමාත්‍ය සරත් අමුණුගම සඳහාවත් නිසි පිළිගැනීමක් ලැබී නොතිබුණු අතර ඒ වෙනුවට මාලදිවයින් හිටපු ජනාධිපති අබ්දුල් නෂීඩ් සහ ඉන්දීය ජනාධිපති නරේන්ද්‍ර මෝදී අසල අසුන් පනවා තිබුණේ මෙරට හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග වෙතය.
මෙම අවස්ථාව සඳහා කුමන්ත්‍රණ ආණ්ඩුවේ ෆයිසර් මුස්තාපා ද සහභාගීව සිටියේය.
කෙසේ වුවත් කුමන්ත්‍රණ ආණ්ඩුවේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ වෙත මේ සඳහා නිල ආරාධනයක් නිකුත්ව නොතිබූ අතර එහෙත් අපකීර්තිය වසං කරගැනීම සඳහා නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා විශේෂ අවසර පත්‍රයක් ලබාගෙන ඒ අවස්ථාව නියෝජනය කිරීමට ගොස් ඇත. ඒ නිසාම ඔහුට ලැබී තිබුණේ සිව්වැනි පේළියේ අසුනකි.
මේ අතර කුමන්ත්‍රණ ආණ්ඩුවේ නියෝජිතයන් එම අවස්ථාවට සහභාගීවූ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදී මුණගැසීමට උත්සාහ කළත් ඔවුන්ට ඒ සඳහා අවස්ථාව හිමිව නැත.
නමුත් හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග සමඟ ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සුහද සාකච්ඡාවක නිරතව ඇත.


newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
