මූල්‍ය අක්‍රමිකතා සම්බන්ධව චෝදනා ලබා ඇප මත සිටින නාලක ගොඩහේවා වෙත ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ සභාපති ධුරය ලබාදීම සම්බන්ධව කුමන්ත්‍රණ ආණ්ඩුව අභ්‍යන්තරයේ මතගැටුමක් නිර්මාණය වී ඇති බව වාර්තා වෙයි.
ජනාධිපති කාර්යාල ආරංචිමාර්ග සඳහන් කරන්නේ නාලක ගොඩහේවාට අදාළ තනතුර ලබාදීම සම්බන්ධව සිරිසේන පාර්ශවය විරුද්ධවී ඇති නමුත් ඒ නොතකා රාජපක්ෂ පාර්ශවය ක්‍රියාකර ඇති බවයි.
ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාවේ සභාපති ධුරය දරන සමයේ කොටස් වෙළඳපොල සමාගම් කිහිපයක පමණක් කොටස් මිල සැකසහිත ලෙස ඉහළයාම, කොටස් වෙළඳපොල වංචා සඳහා දායකවීම, සැකසහිත ලංකා හොස්පිට්ල්ස් හී කොටස් 29%ක් විකිණීමේ ගනුදෙනුවේ මැදිහත්කරුවෙකු වීම, තරුණයින් කොටස් වෙළඳපොල ට යොමුකරවීම ප්‍රවර්ධනය කිරීමට වෙන්කර තිබු මුදල් නාමල් රාජපක්ෂට ලබාදීම ඇතුළු චෝදනා රැසක් නාලක ගොඩහේවාට එරෙහිව ඇත.
ඒ සම්බන්ධ චෝදනාවකට අදාළව යහපාලන ආණ්ඩුවට යටතේ පැවති නඩුවක විත්තිකරුවා වූ ඔහු බන්ධනාගාර ගතකර සිට දැන් ඇපමත නිදහස්ව සිටියි.
මේ අයුරින් විවිධ මූල්‍ය අක්‍රමිකතා සහ මුදල් අවභාවිත කිරීම් සම්බන්ධයෙන් කුණු වූ ඉතිහාසයක් ඇති ගොඩහේවාගේ මේ පත්වීම පිළිබඳව ජනාධිපති ලේකම් කාර්යාල ආරංචිමාර්ග සඳහන් කරන්නේ නාලක ගොඩහෝවාට මෙම තනතුර ලබාදීම සම්බන්ධව පමණක් නොව පසුගියදා ශ්‍රී ලන්කන් ගුවන්සේවයේ සභාපති ධුරයට පත්කෙරුණු කපිල චන්ද්‍රසේනට ලබාදුන් පත්වීම ගැනද තම පාර්ශවය විරුද්ධ බවයි.
එසේම මතුව ඇති තත්ත්වය සැළකිල්ලට ගෙන යළි දැනුම්දෙන තුරු කිසිඳු රාජ්‍ය ආයතනයක ඉහළ තනතුරු සඳහා කිසිවකු පත්නොකරන ලෙස ජනාධිපති සිරිසේන නියෝග කර ඇති අතර ඊට අදාළව ජනාධිපති ලේකම් අමාත්‍යංශ ලේකම්වරුන් ලිඛිතව දැනුවත් කර ඇති බවද වාර්තා වෙයි.
පහත දැක්වෙන්නේ සිරිසේන - රාජපක්ෂ තනතුරු ගැටුම මත රාජ්‍ය අංශයේ ආයතන වල ඉහල තනතුරු සඳහා කිසිවකු පත්නොකරන ලෙස දන්වමින් ජනාධිපති ලේකම් සියළු අමාත්‍යංශ ලේකම්වරුන්ට දන්වා යවා ඇති ලිපියයි.


