තිබුනටත් වඩා භායනක තත්වයක් : අපරාධකාරයෝ ඡන්දෙට!

තිබුනටත් වඩා භායනක තත්වයක් : අපරාධකාරයෝ ඡන්දෙට!

මීට පෙර මහජන නියෝජිතයන් වූ පුද්ගලයන් පසුව අපරාධකරුවන් වුවත් මෙවර මැතිවරණයට නම ගිය අපරාධකරුවන් අපේක්ෂකයන් වීම පැවැති තත්ත්වයටත් වඩා භයානක බව ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි අනුර කුමාර දිසානායක මහතා පවසයි.

සිවිල් සංවිධාන මෙන්ම මැතිවරණ කොමිසමේ සභාපතිවරයාද මේ බව ඍජුව පැවැසුවත් අපරාධ නඩු හත, අට පවතින පුද්ගලයන්ට පවා ප්‍රධාන පක්ෂ දෙකෙන් නාම යෝජනා ලබාදී ඇති බව මන්ත්‍රිවරයා පෙන්වා දෙයි.

දිසානායක මහතා පැවැසුවේ මෙවැනි අපරාධවලට හවුල් වූවන් ගමේ මහජන නියෝජිතයන් ලෙස පත් කිරීමෙන් විනාශකාරී තත්ත්වයක් මිස ප්‍රජාතන්ත්‍රවාදී වටපිටාවක් අපේක්ෂා නොකළ යුතු බවය.

එම නිසා එවැනි අපරාධකරුවන් පත් නොකිරීමට ජනතාව වග බලාගත යුතු බවද හෙතෙම වැඩිදුරටත් කීය.

 අපේක්ෂකයන්ගේ උදව්වට පාතාල කල්ලි 10ක් !

මේ අතර 'ඉරිදා මව්බිම' වාර්තා කර ඇත්තේ, පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයන්ට සහ දේශපාලන පක්ෂවලට සහාය ලබාදීමට සැරසී සිටින ප්‍රධාන පාතාල කල්ලි දහයක් පිළිබඳ පාතාල මර්දන ඒකකයන් දැඩි සෝදිසියෙන් සිටින බවයි.

විශේෂයෙන් කොළඹ සහ දකුණේ දේශපාලනඥයන්ගේ රැකවරණය ලබන මේ පාතාල කල්ලිවල නායකයන් මැතිවරණ කාල සීමාවේ එළිබසී යැයි අනුමාන කරමින් ඔවුන් පිළිබඳ දැඩි අවධානයක් යොමු කිරීමටද පාතාල මර්දන ඒකක මේ වන විටත් කටයුතු යොදා තිබෙන බව ජේ‍යෂ්ඨ පොලිස් නිලධාරියකු පැවැසීය.

2015 වසරේ මහා මැතිවරණයේදී ද කොළඹ ප්‍රධාන පෙළේ දේශපාලනඥයකුගේ රැකවල් ලබන පාතාල නායකයකු වන දෙමටගොඩ චමින්දගේ කල්ලිය විසින් මැතිවරණ ප්‍රචාරණ කටයුතුවල නියැළෙමින් සිටි පිරිසක් අතර සිටි පාතාල නායකයන් දෙදෙනකු වන බ්ලූමැන්ඩල් සංඛ සහ ආමි සම්පත් යන දෙදෙනා ඉලක්ක කර ගනිමින් සන්නද්ධ ප්‍රහාරයක්ද ක්‍රියාත්මක විණි.

පාතාල කල්ලි කිහිපයක්ම :

මෙවර මැතිවරණයේදී ද පාතාල කල්ලි අතර ගැටුම් ඇතිවීමට ඉඩකඩ පවතින හෙයින් පාතාල මර්දන ඒකකයන්, පොලිසිය, පොලිස් විශේෂ කාර්ය බළකාය පාතාල කල්ලිවල හැසිරීම් නිරීක්ෂණය කරමින් සිටින බවද ජේ‍යෂ්ඨ පොලිස් නිලධාරියා සඳහන් කළේය.

කොළඹ පාතාලය මෙහෙයවන දෙමටගොඩ චමින්ද, අංගොඩ ලොක්කාගේ කල්ලිය ඇතුළු පාතාල කල්ලි කීපයක් සහ දකුණේ පාතාලය මෙහෙයවන මාකඳුරේ මධූෂ්, කොස්ගොඩ සුජී, කොස්ගොඩ තාරක අම්බලන්ගොඩ කේන්ද්‍ර කර ගනිමින් ක්‍රියාත්මක වන තවත් පාතාල කල්ලි කිහිපයක්ම විවිධ අපේක්ෂකයන්ට සහාය පළ කිරීමට ලක ලෑස්ති වෙමින් සිටින බවට පාතාල මර්දන ඒකකය වෙත තොරතුරු ලැබී තිබේ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න