මන්ත්‍රි සොයුරෙක් පොහොර වංචාවක

මන්ත්‍රි සොයුරෙක් පොහොර වංචාවක

රජය මඟින් සහනාධාර යටතේ ලබාදෙන පොහොර එජාප පාර්ලිමේන්තු මන්ත්‍රිවරයකුගේ සොහොයුරකු විසින් වැඩි මිලට අලෙවි කරමින් සිටින බවට තොරතුරු ලැබී ඇතැයි දූෂණ විරෝධී හඬ හෙළිදරව් කරයි.

එම සංවිධානයේ කැඳවුම්කරු, වසන්ත සමරසිංහ මහතා පැවසුවේ රජයේ සහනාධාර යටතේ ලබාදෙන රුපියල් 2,500ක පොහොර මිටියක් රුපියල් 2,700 - 2,800 මිල ගණන්වලට එජාප මන්ත්‍රිවරයාගේ සහෝදරයා විසින් අලෙවි කරන බවට තහවුරු වී ඇති බවයි.

එජාප මන්ත්‍රිවරයාගේ සොහොයුරාට අයත් මැදිරිගිරියේ වෙළෙඳසලක මේ පොහොර මිටි තොග වශයෙන් ගබඩා කර ඇති බව දැනගන්නට ලැබී ඇතැයි පවසන සමරසිංහ මහතා, මෙකී පොහොර ජාවාරමට තවත් දේශපාලනඥයන් සහ ඔවුන්ගේ හිතවතුන් හවුල් වී ඇති බව කියා සිටියේය.

සුදුසුකම් නොමැති තීන්ත සමාගමකට පොහොර ගෙන්වීමට කෘෂිකර්ම අමාත්‍යාංශය ලබාදුන් ටෙන්ඩරය අවලංගුවීමෙන් මෙවැනි අර්බුදයක් හටගෙන ඇති බවත් ඒ හේතුවෙන් රජයේ සහ වෙනත් සමාගම්වලින් පොහොර වැඩි මිලට විකිණීම දිගින් දිගටම සිදුවන බවත් ඒ මහතා වැඩිදුරටත් කීය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න