Image

හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ අල්ලස් කොමිසමේ අත්අඩංගුවට

හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ අල්ලස් කොමිසමේ අත්අඩංගුවට

හිටපු නාවික හමුදාපති අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගෙන ඇත.

වසන්ත කරන්නාගොඩ අත් අඩංගුවට ගෙන ඇත්තේ 2006 වසරේ ශ්‍රී ලංකා නාවික හමුදාවේ විධායක අංශය සඳහා ශිෂ්‍ය භට නිලධාරීන් බඳවා ගැනීමේ දී නියමිත සුදුසුකම් සපුරා නොතිබූ යෝෂිත රාජපක්ෂ විධායක අංශයේ ශිෂ්‍ය භට නිලධාරියෙකු ලෙස බඳවා ගැනීම සහ එවකට පැවති ක්‍රමවේදයෙන් බැහැරව රජයේ මුදල් වැය කරමින් ඔහුට බ්‍රිතාන්‍ය රාජකීය නාවික විද්‍යාලයේ පුහුණු පාඨමාලාවකට සහභාගී වීමට අවස්ථාව සලසා දීම සම්බන්ධයෙනි.

හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ මහතා අද (03) පෙරවරු 10.05ට පමණ අල්ලස් කොමිසමේ විමර්ශන නිලධාරීන් විසින් කොමිෂන් සභා පරිශ්‍රයේ දී අත්අඩංගුවට ගෙන ඇත්තේ එම චෝදනා සම්බන්ධයෙනි.

අල්ලස් කොමිසම වැඩිදුරටත් සඳහන් කළේ අත්අඩංගුවට ගත් සැකකරු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව යි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න