මානව හිමිකම් නඩුවක් නිසා කුරුවිට රැඳවියෙකුගේ අතපය කුඩු

මානව හිමිකම් නඩුවක් නිසා කුරුවිට රැඳවියෙකුගේ අතපය කුඩු

කුරුවිට බන්ධනාගාරයේ නිලධාරීන් සිදුකළ පහරදීමක් හේතුවෙන් බරපතල තුවාල ලැබූ රැඳවියෙකු රත්නපුර මහ රෝහලට ඇතුළත් කර තිබේ.

ජීවානන්ද රාජපක්ෂ නම් මෙම රැඳවියා සඳහන් කරන ආකාරයට ඔහු සහ බන්ධනාගාරයේ තවත් රැඳවියෙකු සමඟ ඇතිවූ බහින්බස් වීමකින් පසුව මෙම පහරදීම සිදුකර ඇත.

එසේම මීට පෙරද කුරුවිට බන්ධනාගාර අධිකාරී ඇතුළු පිරිසක් තමන්ට පහරදුන් බවත් ඒ සම්බන්ධව ගොනුකර ඇති මානව හිමිකම් නඩුව හේතුවෙන් බන්ධනාගාර පාලනාධිකාරිය තමන්ගෙන් පළිගනිමින් සිටින බවද ඔහු සඳහන් කර සිටියි.

රෝහල් ආරංචිමාර්ග සඳහන් කරන ආකාරයට මෙම පහරදීම හේතුවෙන් රැඳවියාගේ අත් සහ පාද බිඳීගොස් ඇත.

ජීවානන්ද රාජපක්ෂ නම් මෙම රැඳවියා සිරභාරයට පත්ව ඇත්තේ බෝම්බයක් ළඟ තබා ගැනීම, යුතු ලෙස පුද්ගලයෙකු නිවසේ සිරකරගෙන සිටීම සහ පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීම සම්බන්ධවය.

එසේම මෙම සිදුවීම පිළිබඳ පැමිණිල්ලක් පුනරුත්ථාපන සහ බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යංශය වෙත ලැබී ඇති බවත් ඊට අදාළ විමර්ශනයක්ද මේ වන විට ආරම්භ කර ඇති බව එම අමාත්‍යංශ ආරංචිමාර්ග සඳහන් කර සිටියි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න