විකෘති කළ සහ හානියටපත් මුදල් නෝට්ටු බලපත්‍රලාභී වාණිජ බැංකු ශාඛාව වෙතින් හුවමාරු කර ගැනීමේ කාලසීමාව තවත් මාස 03 කින් දීර්ඝ කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර ඇති බව රජයේ ආරංචිමාර්ග සඳහන් කරයි.
ශ්‍රී ලංකා මහ බැංකුව මෙම තීරණය ගෙන ඇත්තේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ විසින් ලබාදුන් උපදෙස් අනුවය.
අග්‍රාමාත්‍යවරයා මෙම උපදෙස් ලබාදී ඇත්තේ විකෘති කළ හෝ හානියටපත් මුදල් නෝට්ටු 2017 දෙසැම්බර් 31 වනදාට පෙර එනම් හෙට දිනයට පෙර හුවමාරු කරගැනීම අනිවාර්යවීමත් සමඟ වෙළඳපොල තුළ එම මුදල් නෝට්ටු හුවමාරු කරගැනීම වෙනුවෙන් ඇතිවූ තදබදය සහ ඒ තුළ සාමාන්‍ය ජනතාව දැඩි පීඩාවකට පත්ව ඇති බවට ලැබුණු පැමිණිලි සැළකිල්ලට ගැනීමෙන් පසුවය.
අද (30) දිනය වන විට වෙළඳ සැල්, ඉන්ධන හල් ඇතුළු බොහෝ ව්‍යාපාරික ස්ථාන ගනුදෙනු වලදී යන්තම් හෝ හානි වූ සහ විවිධ විකෘති කිරීම වලට ලක්වූ මුදල් නෝට්ටු භාරගැනීම ප්‍රතික්ෂේප කර ඇති අතර එවැනි මුදල් නෝට්ටු හුවමාරු කරගැනීම වෙනුවෙන් බැංකු තුළද දැඩි තදබදයක්ද ඇතිව තිබේ.
එම හේතුව මත බැංකුවල දෛනික කටයුතුවලටද බාධා පැමිණ ඇති අතර රට පුරා මතුව ඇති මේ තත්ත්වය පිළිබඳ newstube.lk වාර්තාකරුවන්ද තහවුරු කර සිටියේය.
ඒ අනුව විකෘති කළ හෝ හානියටපත් මුදල් නෝට්ටු 2017 දෙසැම්බර් 31 වනදාට පෙර හුවමාරු කරගන්නා ලෙසට මහ බැංකුව විසින් සිදුකළ දැනුම්දීම සංශෝධනය වන අතර ඒ සඳහා තවත් මාස 03 ක කාලයක් ලැබී ඇත.
මේ බව සඳහන් කරමින් රජයේ ප්‍රකාශකයකු සඳහන් කර සිටියේ අදාළ කාල සීමාව දීර්ඝ කර ඇති බැවින් අනවශ්‍ය ලෙස කළබල වියයුතු නැති බවත් නිදහසේ තමන් සන්තකයේ ඇති හානිවූ මුදල් නෝට්ටු හුවමාරු කරගැනීමට ජනතාවට අවස්ථාව ලැබී ඇති බවත්ය.
එසේම කාලසීමාව දීර්ඝ කර ඇති නිසා ගනුදෙනු වලදී ජනතාව දුෂ්කරතාවට පත් නොවන ලෙස කටයුතු කරන ලෙස වෙළඳ ප්‍රජාව වෙතින්ද ඉල්ලා සිටින බව එම ප්‍රකාශකයා අප වෙත පැවසීය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු. ඔබගේ ප්‍රතිචාර

