ආන්දෝලනයට තුඩුදුන් බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධ පත්කළ ජනාධිපති බැඳුම්කර කොමිසමේ වාර්තාව අද (30) ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපතිවරයා වෙත ලබාදී ඇති බව වාර්තා වෙයි.
එම අවස්ථාව සඳහා ජනාධිපති බැඳුම්කර කොමිසමේ සාමාජිකයන් තිදෙනාම සහභාගී වී ඇත.
ප්‍රශ්නගත බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධ ජනාධිපති කොමිසම හමුවේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, හිටපු අමාත්‍ය රවී කරුණානායක, අමාත්‍ය මලික් සමරවික්‍රම, අමාත්‍ය කබීර් හෂීම් ,හිටපු මහ බැංකු හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්, ඔහුගේ බෑණා වන පර්පෙචුවල් ට්‍රේෂරීස් හිමිකරු අර්ජුන් ඇලෝසියස්, එම සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේන, රාජ්‍ය නිලධාරීන් රැසක් සාක්ෂි ලබාදී ඇත.
එසේම ජනාධිපතිවරයා අවස්ථා ගණනාවකදී සඳහන් කර සිටියේ වංචා දුෂණ කල ඕනෑම අයෙකුට එරෙහිව තරාතිරම නොබලා ක්‍රියා කිරීමට තමන් පසුබට නොවන බවය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු. ඔබගේ ප්‍රතිචාර

