2018 ජනවාරි 01 සිට පොලිතින් තහනම්

2018 ජනවාරි 01 සිට පොලිතින් තහනම්

එළඹෙන වසරේ ජනවාරි 01 වනදා සිට පොලිතීන් අලෙවි කිරීම සම්පුර්ණයෙන් තහනම් කිරීමේ නීතිය ක්‍රියාවට නගන බව මධ්‍යම පරිසර අධිකාරියේ ආරංචිමාර්ග සඳහන් කර සිටියි.

ඒ අනුව එදින සිට පොලිතින් අලෙවිකිරීම සම්බන්ධව සොයා බැලීම සඳහා රට පුරා වැටලීම් සිදු කිරීමට නියමිත බවද වාර්තා වෙයි.

මධ්‍යම පරිසර අධිකාරිය වෙනුවෙන් නිවේදනයක් නිකුත් කරන එහි කලමණාකාර අධ්‍යක්‍ෂ අජිත් වීරසුන්දර මහතා පවසන්නේ තහනම නොතකා කටයුතු කරන පුද්ගලයන්ට රුපියල් 10,000ක දඩ මුදලක් හෝ දෙවසරක සිර දඬුවම් නියම වනු ඇති බවය.

මෙම පොලිතීන් තහනමට අදාළ නීති ඇතුලත් ගැසට් නිවේදනය පසුගිය සැප්තැම්බර් මාසයේදී නිකුත් කර තුබූ අතර ජනතාව මුහුණදෙන දුෂ්කරතා සලකා බලා ඒ සඳහා මාස හතරක සහන කාල සීමවක් ලබා දී තිබූ බවද කළමනාකාර අධ්‍යක්ෂවරයා සඳහන් කර ඇත.

 

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට එයට ප‍්‍රතිචාර දැක්වීමට අදාළ පාර්ශ්වයට ඇති අයිතියට අපි ගරු කරමු. ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

 

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න