Language Switcher

V2025

ගෝඨා ජනපති වන බව කී සුමනදාසට නාමල් බැන වදියි !

ප්‍රසිද්ධ දේශපාලනයට සම්බන්ධයක් නොමැති රාජපක්ෂ කෙනෙකු ජනාධිපති ධුරයට පත්වන බව ජාතික පුවත්පතකට ප්‍රකාශයක් කල ජෝතිෂ්‍යවේදී සුමනදාස මහතාට පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා බැනවැදී ඇතැයි දේශපාලන ආරංචිමාර්ග පවසයි.

''මහින්ද රාජපක්ෂ මහතා සිටියදී වෙනත් රාජපක්ෂලා ගැන කියන්නේ ඇයි ? '' විමසා ඇති නාමල් රාජපක්ෂ මහතා, රාජපක්ෂ පවුල තුල අනවශ්‍ය ගැටුමක් ඇති නොකරන ලෙස සුමනදාස මහතාට තරවටු කර ඇතැයි ද එම ආරංචිමාර්ග පවසයි.

කෙසේවුවද පසුදිනම සුමනදාස මහතාට දුරකථන ඇමතුමක් ලබාදී ඇති පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා, '' සුමිත්, නාමල්ගේ කතා ගනන්ගන්න එපා '' යයි පවසා ඇතැයි ඉහත ආරංචිමාර්ග වැඩිදුරටත් කියා සිටියි.

රොෂාන් කී කතාව ?

මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් රණසිංහ මහතා පවසන්නේ, 2020 වසරේදී පැවැත්වීමට නියමිත මීලග ජනාධිපතිවරණය සදහා ඒකාබද්ද විපක්‍ෂය නියෝජනය කරමින් ඉදිරිපත් වන්නේ ආරක්‍ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා බවයි.

ව්‍යවස්ථාව අනුව මහින්ද රාජපක්‍ෂ හිටපු ජනාධිපතිට නැවත ජනාධිපතිවරණයකට තරග කිරීම නොහැකි නිසා ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඊට තරග කරනු ඇති බවද ඔහු සදහන් කලේය.

මන්ත්‍රීවරයා මෙම අදහස් පල කරන ලද්දේ පොලොන්නරුවේදී පැවති ජනහමුවක් අමතමිනි.

newstube.lk  වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට එයට ප‍්‍රතිචාර දැක්වීමට අදාළ පාර්ශ්වයට ඇති අයිතියට අපි ගරු කරමු. ඔබගේ  ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it.යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.