බැඳුම්කරයෙන් රජයට පාඩුවක් සිදුවෙලා !

බැඳුම්කරයෙන් රජයට පාඩුවක් සිදුවෙලා !

2015 වසරේ ශ්‍රී ලංකා මහ බැංකුවේ සිදුව ඇතැයි කිය ප්‍රශ්නගත බැදුම්කර ගණුදෙනුවේදී රටට අලාභයක් සිදුව ඇතැයි ඒ සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කරන ලද ජනාධිපති විශේෂ විමර්ෂණ කොමිෂන් සභා වාර්තාවේ සඳහන් වන බව ඉතා විශ්වාසවන්ත කටයුතු ආරංචිමාර්ග වලින් 'නිව්ස් ටියුබ්' වෙත වාර්තාවේ.

ඊට වගකිවයුත්තන් ලෙස කිහිප දෙනෙකුගේම නම් සඳහන් වන බව එම ආරංචිමාර්ග වැඩිදුරටත් පවසයි.

කොමිසමේ සභාපති ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කේ.ටී. චිත්‍රසිරි මහතා විසින් අද (30) දහවල් එම වාර්තාව ජනාධිපතිවරයාට පිළිගන්වා ඇති අතර කොමිසමේ ලේකම් එස්. උඩුගමසූරිය මහතා සහ එහි සාමාජිකයින් වන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු පී.එස්. ජයවර්ධන, විශ්‍රාමික නියෝජ්‍ය විගණකාධිපති වී. කන්දසාමී යන මහත්වරුන් මෙම අවස්ථාවට එක්ව සිටියහ. ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු මහතා ද ඊට සහභාගී විය.

මෙම කොමිසම හමුවේ සාක්‍ෂි දුන් සාක්‍ෂිකරුවන් අතර අගමැති රනිල් වික්‍රමසිංහ, හිටපු ඇමති රවී කරුණානායක, ඇමති මලික් සමරවික්‍රම, ඇමති කබීර් හෂීම් මෙන්ම හිටපු මහ බැංකු හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් ද වෙති.

ජනාධිපතිවරයා මෑතකදී කියා සිටියේ වංචා දුෂණ කල ඕනෑම පැද්ගලයෙතු තරාතිරම නොබලා තමන්ගේ කඩුවට කැපී යනු ඇති බවයි.

bedumkara boook

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට එයට ප‍්‍රතිචාර දැක්වීමට අදාළ පාර්ශ්වයට ඇති අයිතියට අපි ගරු කරමු. ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න