Language Switcher

V2025

ජාතිවාදි ආගම්වාදි අදහස් වලින් රට පාවා දෙනවා – බාහු (වීඩියෝ)

ජාතිවාදය සහ ආගම්වාදය මෙරට දරුණුතම වසංගතය වී ඇති බව පෙන්වා දෙන ප්‍රමුඛ පෙළේ වාමාංෂික නායකයෙකු එම අදහස් හරහා අධිරාජ්‍යවාදීන් හට රට පාවා දෙන බව පෙන්වා දෙයි.

වර්ගවාදී අපරාධ හරහා හැම විටම අධිරාජ්‍යවාදීන් හට අපව පාගා දැමීමට අවස්ථාව ලැබෙන බව මෙන්ම “අපට තහංචි දාලා අපිට යට කරන්න ඉඩ දෙන පැත්ත තමයි ඒ ජාතිවාදි ආගම්වාදි දේවල් කලහම අපිට කවුරුවත් සහායකට ගන්න බැහැ අපේ සමාජයම විනාශයට යනවා ” යි නව සම සමාජ පක්ෂ නායක ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න කියා සිටි.

ජාතිවාදි ආගම්වාදී අදහස් බිඳදමින් සාධාරණ ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යවස්ථාවක් නිර්මාණය කර ගැනීම යුගයේ සටන් ඇරඹුම බව ආචාර්ය වික්‍රමබාහු කියා සිටියේ “නිර්ධන බලය ප්‍රජාතන්ත්‍රීය බහුජන අරගලය තුලින් ගොඩනඟමු” යන තේමාව යටතේ 29 සිකුරාදා කොළඹ දී මුළු දුන් නව සම සමාජ පක්ෂ 40 වන සංවත්සරයේ ප්‍රධාන දෙසුම පවත්වමිනි.

ප්‍රජාතන්ත්‍රවාදී අරගලය තුලින් නිර්ධනයින්ගේ බලය සඳහා ගමන් කල යුුතු යැයි පෙන්වා දුන් වාමාංෂික නායකයා ඒ සඳහා වෙනත් මාර්ග නොමැති බව අවධාරණය කළේය.

“ජාතිවාදියට විරුද්ධව ආගම්වාදය විරුද්ධව ඒකාධිපතිත්වයට විරුද්ධව තනි බලය තියෙන ජනාධිපති ධුර වලට විරුද්ධ වීම තුලින් පාර්ලිමේන්තුව ශක්තිමත් කිරිමෙන් සටනට දායක වන ප්‍රමාණයෙන් නිර්ධනයින්ට වැඩ කරන ජනතාවට ඉස්සරහට යන්න තියෙන්නෙ” යැයි ආචාර්ය බාහු කියා සිටියේය.

මහින්ට වඩා රනිල් අධිරාජ්‍ය විරෝධි

අධිරාජ්‍ය විරෝධි බව පෙන්වමින් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ විසින් මෙරට සියලු ජනයාගේ අයිතීන් විනාශ කරමින් අධිරාජවාදින්ට අත්‍යවශයම දේ සිදු කල බවටයි ඔහු චෝදනා කරන්නේ.

“මහින්ද රාජපක්ෂත් ආධිරාජ්‍ය විරෝධිය වුණා මිනිහා අධිරාජ්‍ය විරෝධී නමුත් මෙහෙ ඉඳගෙන සියලු ජන කොටස් වලට තියෙන අයිතිවාසිකම් නැති කළා එහෙම අධිරාජ්‍ය විරෝධියෙක්ගෙන් ඇති වැඩක් තියෙනවද” යි ආචාර්ය බාහු ප්‍රශ්න කරයි’

අධිරාජ්‍ය විරෝධය “බහුබුතයක්” වී ඇති බව ප්‍රකාශ කල නව සම සමාජ පක්ෂ නායක ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න එසේ බැලුවහොත් රනිල් වික්‍රමසිංහද අධිරාජ්‍ය විරෝධි බවයි වැඩි දුරටත් කියා සිටියේය.

(ceylonjournals)

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට එයට ප‍්‍රතිචාර දැක්වීමට අදාළ පාර්ශ්වයට ඇති අයිතියට අපි ගරු කරමු. ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.