යාපනයේ මරණ පැහැදිලි රෝගී තත්ත්වයන් හේතුවෙන් සිදුව ඇති බව හෙළි වෙයි.
යාපනය සහ මුලතිව් ප්‍රදේශවල පසුගිය මාස 03 ක පමණ කාලය තුල වාර්තා වූ මරණ පිළිබදව වසංගත රෝග විද්‍යා අංශයේ අධ්‍යක්ෂ අනිල් දිසානායක මහතාගේ මුලිකත්වයෙන් විධිමත් පරීක්ෂණයක් සිදු කර ඇති අතර එම විමර්ශණයට අනුව යාපනය ප්‍රදේශයේ මෙම කාලය තුල වාර්තා වී ඇති මරණ සියල්ලම පැහැදිලි රෝගී තත්ත්වයන් හේතු කොට සිදු වූ මරණ බවට තහවුරු කර ඇත.
මෙම මරණ සියල්ලම සායනිකව තහවුරු කළ විවිධ රෝගී තත්ත්වයන් හේතු වී ඇති බවට වෛද්‍ය සාක්ෂි ඇත.
තවද මෙම මරණ එකම පවුලක හෝ ඔවන්ගේ ඥාතීන් අතර සිදුව නැති බව ද තහවුරු වී තිබේ.
අදාල මරණ යම්කිසි හදුනා නොගත් හේතුවක් මත සිදු වී ඇති බවට පැතිර ඇති වාර්තා වල කිසිදු සත්‍යතාවයක් නොමැති බව විද්‍යාත්මකව තහවුරු කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශය වැඩිදුරටත් සදහන් කරයි.
ඒ අනුව යාපනය ප්‍රදේශයේ භූත දෝෂයක් හේතුවෙන් එකම පවුලට අයත් පුද්ගලයින් 9 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව ඇති බවට පැතිර ඇති මාධ්‍ය වාර්තා අසත්‍ය බව තහවුරු වී ඇත.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට එයට ප‍්‍රතිචාර දැක්වීමට අදාළ පාර්ශ්වයට ඇති අයිතියට අපි ගරු කරමු. ඔබගේ ප්රතිචාර

