පාතල නායකයෙකු ලෙස සැලකෙන කොස්ගොඩ සූජී නමැත්තාගේ විවාහයට එහි සාක්ෂිකරුවෙකු වශයෙන් අත්සන් තබා ඇත්තේ, නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන රාජ්‍ය අමාත්‍ය පියසේන ගමගේ මහතා බව වාර්තාවේ.
ඒ, කොස්ගොඩ සුජී නොහොත් ජයමුණි සුජීව ද සොයිසා නමැත්තා අත්අඩංගුවට ගැනීම සඳහා ජාත්‍යන්තර පොලීසිය හෙවත් ඉන්ටපෝල් විසින් ඔහු දුටු තැන අත්අඩංගුවට ගන්නා ලෙස රතු නිවේදනයක්ද නිකුත් කර තිබියදීය.
කොස්ගොඩ සුජී නමැත්තාට බලපිටිය අධිකරණයේ අධිචෝදනා පත්‍ර ද ගොනුකර ඇති අතර ඔහු ඝාතන රැසකට සහ පාතාල ක්‍රියාකරකම් ගණනාවකට සම්බන්ධ බවට චෝදනා ලබා ඇත.
මේ අතර පියසේන ගමගේ රාජ්‍ය අමාත්‍යවරයාගේ පුත් රන්දිම ගමගේ මහතා සමග පාතාල සාමාජිකයෙකු වන මධුෂ් නමැත්තාද සබඳතා පවත්වා ඇති බව අනාවරණ වී තිබේ.
මාකඳුරේ මදුෂ් නොහොත් සමරසිංහ ආරච්චිගේ මධුෂ් ලක්ෂිත නමැත්තා කලක් ඔහුගේ නිවසේ නවාතැන්ගෙන සිටි බව වැඩිදුරටත් වාර්තාවේ.
මධුෂ් නමැත්තාද අත්අඩංගුවට ගැනීම සඳහා ජාත්‍යන්තර පොලීසිය හෙවත් ඉන්ටපෝල් විසින් නිල් නිවේදනද නිකුත් කර ඇත.
(නෙත් නිව්ස්)
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට එයට ප‍්‍රතිචාර දැක්වීමට අදාළ පාර්ශ්වයට ඇති අයිතියට අපි ගරු කරමු. ඔබගේ ප්රතිචාර

