Language Switcher

V2025

'ලංකා ඊ නිව්ස්' තහනම ඉවත් කරන්න - PWJA ජනපතිට නොකියා කියයි !

ශ්‍රී ලංකාව තුල වෙබ් අඩවි කිහිපයකට පනවා ඇති තහනම ඉවත් කිරීමට කටයුතු කරන්නැයි වෘත්තීය වෙබ් මාධ්‍යවේදීන්ගේ සංගමය (PWJA ) ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියි.

එම සංවිධානයේ ලේකම් කැලුම් ශිවන්ත මහතා එම ඉල්ලීම කරනු ලැබුවේ වෙබ් අඩවි සඳහා ආචාර ධර්ම පද්ධතියක් ප්‍රකාශයට පත්කිරිම වෙනුවෙන් පෙරේදා(29) කොළඹ ජැයික් හිල්ටන් හෝටලයේ පැවති විශේෂ උත්සවයේදීය.

මෙම අවස්ථාවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා මුදල් හා මාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා ද සහභාගී වී සිටියේය.

මේවනවිට 'ලංකා ඊ නිව්ස්' හා 'තමිල් නෙට්' වැනි විදේශයන්හි සිට පවත්වා ගෙන යන වෙබ් අඩවි කිහිපයකට ශ්‍රී ලංකාව තුල ප්‍රවිෂ්ඨවිමට බාධා පමුණුවා ඇත.

'ලංකා ඊ නිව්ස්' තහනම් කිරීමට එරෙහිව අදාළ වෙබ් අඩවිය විසින් කරන නොනවතින අරගලය හැරෙන්නට රට තුළ දැකිය හැකි විරෝධය බයාදු එකකි. වෘත්තීය වෙබ් මාධ්‍යවේදීන්ගේ සංගමයේ ප්‍රධානින් පවා ජනාධිපතිවරයා ඉදිරියේ 'ලංකා ඊ නිව්ස්' නම හෝ 'තමිල් නෙට්' නමින් ප්‍රකාශ නොකිරීමට ප්‍රවේශම් සහගතවිය.

SCP 6946

''නුතන සන්නිවේදන සමාජය තුල වාරණය හෝ අවහිරතා යථාර්ථයක් නොවේ..''

 වෘත්තීය වෙබ් මාධ්‍යවේදීන්ගේ සංගමයේ යෝජනා ඉදිරිපත් කරමින් සභාව ඇමතු එම සංගමයේ ලේකම්වරයා මෙසේ පැවසිය.

''පසුගිය ආණ්ඩු කාලයේදී වෙබ් අඩවි 8 ක් වාරණයට ලක්කර තිබුණා. 2015 ජනවාරි 09 වෙනිදා ඔබතුමාගේ මූලිකත්වයෙන් ඇරඹි යහපාලන ආණ්ඩුව විසින් මේ සියලු අවහිරතා මුදාහරිනු ලැබුවා.

නුතන සන්නිවේදන සමාජය තුල වාරණය හෝ එවැනි අවහිරතා යථාර්ථයක් නොවන බව අපගේ විශ්වාසයයි.

කෙසේවුවද මෑතකදී සිට වෙබ් අඩවි කිහිපයකට නැවත අවහිරතා ඇතිවී තිබෙනවා. අප ඔබතුමන්ගෙන් ඉල්ලා සිටින්නේ ප්‍රවෘත්ති වෙබ් අඩවි සඳහා පනවා ඇති එම අවහිරතා සම්බන්ධයෙන් සොයා බලා ඒවා නිදහස් කර මුදා හරින ලෙසයි.''

 වීඩියෝ

අනතුරුව සභාව ඇමතු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා, නිවාඩු නැති ඕනෑම දිනයක “හිතවතුන්, මිත්‍රයන්, පන්දම්කාරයන්, බ්‍රෝකර්ලා” නොමැතිව පෙරවරුවේ තමන් මුණගැසීමට අවස්ථාව ඇතත්, වසර තුනක කාලයක් තිස්සේ බලයේ සිටි තමන් සමග ගැටළු සාකච්ඡා කිරීමට එම උත්සවය සංවිධානය කළ මාධ්‍ය සංගමය තමන් හමු නොවීම ගැන බලවත් සේ කණස්සල්ල පල කළේය.

උතුරේ මාධ්‍යවේදීන්ගේ අතුරුදහන්වීම් සහ ඝාතන පිලිබඳ පරීක්ෂණ සිදු නොවීම, මාධ්‍යවේදීන් අතුරුදහන් වීම සහ වෙබ් අඩවි සඳහා වෙළෙඳ දැන්වීම් ලබා ගැනීම ඇතුළු ප්‍රශ්න “විවෘතව සාකච්ඡා කළ හැකි” බව කී ජනාධිපතිවරයා ඒ සඳහා ලබන සතියේ තමන් හමුවන ලෙස එම සංවිධානයට ආරාධනාවක් ද කළේය.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට එයට ප‍්‍රතිචාර දැක්වීමට අදාළ පාර්ශ්වයට ඇති අයිතියට අපි ගරු කරමු. ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.