මෛත්‍රී, ඛණිජ වැලි සමාගමෙන් දොට්ට !

මෛත්‍රී, ඛණිජ වැලි සමාගමෙන් දොට්ට !

වහාම ක්‍රියාත්මක වන පරිදි මෛත්‍රී ගුණරත්න මහතා ඛණිජ වැලි සමාගමේ සභාපති ධුරයෙන් ඉවත්කර තිබේ.

මෛත්‍රී ගුණරත්න මහතා එක්‌සත් ජාතික නිදහස් පෙරමුණේ ප්‍රධාන ලේකම් වන අතර මෙවර පළාත් පාලන මැතිවරණයට ඔහුගේ පක්ෂ ද ඉදිරිපත්ව සිටීම මෙසේ තනතුරින් ඉවත් කිරීමට හේතු වී ඇතැයි පැවසේ.

ඔහු පසුගියදා සභාපති ධුරයේ සිටිමින්ම ආණ්ඩුවේ ප්‍රතිපත්තීන් දැඩි ලෙස විවේචනය කරමින් මාධ්‍ය සාකච්ජා කිහිපයක් ම පැවැත්විය.

පාඩු ලබන රාජ්‍ය ආයතන පෞද්ගලීකකරණය කිරීම විසඳුම නොවන බව ද, නිසි කළමනාකරණයකින් පවත්වාගෙන යැමට රජයේ අවධානය යොමු විය යුතු බව ද ඔහු එහිදී අවධාරණය කර තිබිණ.

එවැනි එක් මාධ්‍ය හමුවකදී මෛත්‍රී ගුණරත්න මහතා මෙසේද සඳහන් කළේය.

 ආණ්‌ඩුව ණය ගැන කිරීම විහිළුවක්‌:

 ''ආණ්‌ඩුව දිගින් දිගටම ණය ගැන කතා කරනවා. මේක විහිළුවක්‌. ආණ්‌ඩුවක්‌ ලබා ගන්න කොට ණය ගැන දැනගත යුතුයි. මනුස්‌සයෙක්‌ සිල්ලර කඩයක්‌ ගන්න ගියත් මොන දේවල් හොයනවාද? අවුරුදු 5 කට ආණ්‌ඩු ගන්න කලින් තියෙන ණය ටික දන්නේ නැහැ කියන එක පිළිගත හැකි කාරණයක්‌ නෙමෙයි.

ඒ ණය ගැන අවබෝධයක්‌ නැතුවද රටේ ජනතාවගේ වරම ගත්තේ. අපි කියනවා කවුරු ගත්තත් ණය ගෙවිය යුතුයි. ණය ගෙවන්න වැඩපිළිවෙළක්‌ සකස්‌ කළ යුතුයි.

එක්‌සත් ජාතික පක්‍ෂය රට පාලනය කරද්දී ජනතාව අතර මුදල් ගැවසෙනවා, සාක්‌කු පිරෙනවා කිව්වා. අද ඒක පුස්‌සක්‌ බවට පත් වෙලා.

2015 දී යහපාලන ආණ්‌ඩුව භාර ගන්න විට ඩොලර් එකක මිල තිබුණේ රුපියල් 131 යි. අද රුපියල් 154 ක්‌ දක්‌වා වැඩි වෙලා. රුපියල ශක්‌තිමත් කර ගන්න බැරිව කොහොමද රටේ ආර්ථිකය ස්‌ථාවර කරන්නේ.

අපි ණය ගෙවන්නේ ඩොලර්වලින් නෙමෙයි.

අවුරුදු තුනක්‌ තුළ දූෂණයට, වංචාවට තිත තබන්න බැරි වෙලා. ආයෙත් බැඳුම්කර වංචා වෙන්න දෙන්න එපා. ඒ ආදර්ශය ආණ්‌ඩුවේ නායකයන්ට දෙන්න. හොඳ ආදර්ශයක්‌ දුන්නොත්, අවුරුද්දක්‌ කැප කිරීම් කළොත් මේ රටේ ආර්ථික අවුල ලිහන්න පුළුවන්.''

වීඩියෝ

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න